(රංජන් කස්තුරි)
ඒ.එස්.පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ලබා නොගත හොත් දිවයිනේ දකුණු පළාතට විදුලිය අඛණ්ඩව සැපයිමේ ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.වී. ගනේගල මහතා පැවසීය.
ඒ.එස්.පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව ඉදිරි වසර තුනක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ඒ.එස්.පවර් ආයතනය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබෙන බවද සභාපතිවරයා කීය.
කෙසේ වෙතත් දකුණු පළාත තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය හැමවිටම උත්සාහ ගන්නා අතර ඒ.එස්.පවර් බලාගාරයෙන් ජනනය කරන මෙගාවොට් 100 විදුලි ධාරිතාවය ඊට පිටුවහලක් බවද ගනේගල මහතා පැවසීය.
COMMENTS
දකුණු පළාත යනු සුළං හා සූර්ය බලය අඩුවක් නැතිව ඇති ප්‍රදේශයකි. එසේම නොනවතින සයුරු රළ ඇති ප්‍රදේශයකී. විශේෂයෙන් සුළං හා සයුරු රළ යොදාගෙන විදුලිය ජනනය කිරීමේ මධ්‍ය කාලීන ව්‍යාපෘතියක් ඉදිරි අවුරුදු 3 ඇතුලත ක්‍රියාත්මක කලහොත් මෙම පොසිල ඉන්ධන මත යැපෙන බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම අවම කර ගත හැකිය.
තාප බලාගාර වලින් විදුලිය නිපදවීම පාඩුයි. ඒ වගේම පරිසර හානිය වැඩි . මේ තාප බලාගාර වලින් විදුලිය නොගත්තොත් දකුණට විදුලිය දෙන්න බැහැ කියන්නේ බොරු මතයක් ගොඩනගන්න. විදුලි බල මාෆියාවේ කොටසක්. මේ නිලදාරීන්ගේ වත්කම් හෙව්වනම් සියල්ලම එළිවෙනවා. ඔය හදන්නේ වැඩිමිලට විදුලිය අරගෙන සාක්කු පුරවන්න. ඒකකයක් රුපියල් 40 වෙනවා. අද සුර්ය බලශක්තිය සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ගන්නේ රුපියල් 23 ට .. හැමෝටම ගෙවල් වල සුර්ය බලශක්තිය හදන්න කියල මිනිස්සුන්ගෙන් වැඩිමිලට ගත්තොත් සාමාන්‍ය ජනතාවට මුදල යනවනේ..පරිසර හානියක් වෙන්නෙම නැහැ
මට පේන්නෙ යම්කිසි මාෆියාවක් තමන්ගෙ කුට්ටිය වෙනුවෙන් තර්ජනය කරනවා වගේ.
ACE බලාගාරය අයිති කාටද කියල අපි දන්නවා ...මේකේ අයිතිකාරය හොර වැඩ වලට ප්‍රසිද්දකෙනෙක් ..ගනේගලලට හොද සම්තින් එකක් ලැබෙනවා එහෙනම්
වැහැල වැහැල ජලාස පිරිලා, දුෂිත පාලනය කිසිවක් හරිහැටි සැලසුම් කරන්නේ නෑ, කොමිෂන් ගහන්න විදුලිය මිලදීගන්නවා.
සුළං වේවා සූර්ය ශක්තිය වේවා අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තරම් ලබා ගන්න බෑ. පියසි සූර්ය විදුලි ජනක ක්‍රමයට දකුණේ ජනතාව ප්‍රමාණාත්මකව එළඹෙන්නේ නම් තාප විදුලිය සීමා කළ හැකියි.