(සීඑන්එන් ඇසුරෙනි-042)
සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී තිබේ.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝග පිරිදි සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකානු යුද නැව්වල සිට ටොම්හෝක් වර්ගයේ කෘෘස් මිසයිල 50-60 ක් පමණ එල්ල කෙරිණි. රසායනික අවි ප්‍රහාරයට යොදාගත් බව කියන ගුවන් යානා කිහිපයක් එම කඳවුරේ තිබි ඇත.
“රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලද ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස මම අද නියෝග කළා. ඔවුන් තහනම් කර ඇති රසායනික අවි භාවිත කළ බවට කිසිදු සැකයක් නැහැ“
“සිරියාව රසායනික අවි සම්මුතියත් කඩ කරලා තියෙනවා.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනතුරු ඇඟවීම් නොසලකා හැරලා තියෙනවා.සිරියා ජනපති අසාද්ගේ හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා“ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.
ඇමෙරිකා ආරක්ෂක බලධාරියකු පැවසුවේ ප්‍රහාරයේදී ඉලක්ක කර ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථ, ගුවන් යානා හා ඉන්ධන පිරවුම් ස්ථාන බවයි. තවත් නියෝගයක් ලැබෙන තුරු ප්‍රහාර නවතා ඇතැයි ද ඔහු පැවසීය.
සිරියානු ජනපති බසාර් අල් අසාද් මහතාගේ නායකත්වයට එරෙහිව ඇමෙරිකාව ගත් පළමු සෘජු තීරණය මෙයයි. සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් ඇතුළු මිය ගිය පිරිසගේ ඡායාරූප දැක ට්‍රම්ප් මහතා කනස්සල්ලට පත් වූ බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසීය.
2014දී හිටපු ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා මහතාගේ නායකත්වය යටතේ ඇමෙරිකාව සිරියාවේ ඉලක්ක වෙත පහර දුන්නේය. එහිදී ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත පහර දුන් නමුත් රජයේ කඳවුරු වෙත පහර දීමක් නොවිණ.


(ජායාරූප - එඑෆ්පී ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි
athura Friday, 07 April 2017 03:28 AM
ට්‍රම්ප් මහතා අනුන්ගේ රටවල්වල ප්‍රශ්නවලට අතදාන්නේ නැහැ කියල මේකේ අදහස් දාපු වීරයෝ කෝ දැන්.
ජයරත්න Friday, 07 April 2017 02:26 PM
ලංකාවේ ට්‍රම්ප්වාදීන්ට දැන් සැපද?
sriya Wednesday, 12 April 2017 02:58 AM
කෑ ගහන්න එපා අපිටත් ගහයි.