IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි

(සීඑන්එන් ඇසුරෙනි-042)

සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී තිබේ.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝග පිරිදි සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකානු යුද නැව්වල සිට ටොම්හෝක් වර්ගයේ කෘෘස් මිසයිල 50-60 ක් පමණ එල්ල කෙරිණි. රසායනික අවි ප්‍රහාරයට යොදාගත් බව කියන ගුවන් යානා කිහිපයක් එම කඳවුරේ තිබි ඇත.

 “රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලද ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස මම අද නියෝග කළා. ඔවුන් තහනම් කර ඇති රසායනික අවි භාවිත කළ බවට කිසිදු සැකයක් නැහැ“

“සිරියාව රසායනික අවි සම්මුතියත් කඩ කරලා තියෙනවා.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනතුරු ඇඟවීම්  නොසලකා හැරලා තියෙනවා.සිරියා ජනපති අසාද්ගේ හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා“ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

ඇමෙරිකා ආරක්ෂක බලධාරියකු පැවසුවේ ප්‍රහාරයේදී ඉලක්ක කර ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථ, ගුවන් යානා හා ඉන්ධන පිරවුම් ස්ථාන බවයි. තවත් නියෝගයක් ලැබෙන තුරු ප්‍රහාර නවතා ඇතැයි ද ඔහු පැවසීය.

සිරියානු ජනපති බසාර් අල් අසාද් මහතාගේ නායකත්වයට එරෙහිව ඇමෙරිකාව ගත් පළමු සෘජු තීරණය මෙයයි. සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් ඇතුළු මිය ගිය පිරිසගේ ඡායාරූප දැක ට්‍රම්ප් මහතා කනස්සල්ලට පත් වූ බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසීය.

2014දී හිටපු ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා මහතාගේ නායකත්වය යටතේ ඇමෙරිකාව සිරියාවේ ඉලක්ක වෙත පහර දුන්නේය. එහිදී ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත පහර දුන් නමුත් රජයේ කඳවුරු වෙත පහර දීමක් නොවිණ.

(ජායාරූප - එඑෆ්පී ඇසුරෙනි)

 



අදහස් (3)

ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි

athura Friday, 07 April 2017 03:28 AM

ට්‍රම්ප් මහතා අනුන්ගේ රටවල්වල ප්‍රශ්නවලට අතදාන්නේ නැහැ කියල මේකේ අදහස් දාපු වීරයෝ කෝ දැන්.

:       78       245

ජයරත්න Friday, 07 April 2017 02:26 PM

ලංකාවේ ට්‍රම්ප්වාදීන්ට දැන් සැපද?

:       0       0

sriya Wednesday, 12 April 2017 02:58 AM

කෑ ගහන්න එපා අපිටත් ගහයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site