ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සිදුවු පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බොහෝ දෙනා පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත.
පිපිරීම සිදුව ඇත්තේ ඉදිකිරීම් භූමියක බවත් විදුලි උත්පාදක යන්ත්‍රයක් ගිනිගෙන දැවෙනු දක්නට ලැබුනු බවත් අසල සිටි අය පවසයි. ඝන කළු දුමාරයක් අහසට නැගෙනු ද දක්නට ලැබී ඇත.
රෝහලේ සහ ඒ ආසන්නයේ පිහිටි සාත්තු නිවාසයේ රැඳී සිටි පිරිස් ඉවත් කර ඇති අතර විදුලිය විසන්ධි වී ඇතැයි බලධාරීහු පවසති.
පිපිරුමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd