නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඉදිරි වසර දෙකක කාලය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන මූල්‍ය ආධාරවලින් එක්සත් ජනපදය ඩොලර් මිලියන 285ක මුදලක් අඩු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
ලෝක සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ප්‍රධානතම ජාත්‍යන්තර සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් වෙත නතු කරගැනීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස මූල්‍ය ආධාර සැපයීම අඩු කිරීමෙන් පෙනී යන බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද දූත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ලබන වසර සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වෙන් කර තිබූ සම්පූර්ණ මුදලින් මිලියන 285ක මුදලක් අඩු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මෙම අඩුකිරීම් මොනවාදැයි නිශ්චිතව අනාවරණය නොවුණද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළමනාකරණ සහ සහාය කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඒ අතර වන බව පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් වෙන් කර තිබෙන සම්පූර්ණ මුදල කොතෙක් ද යන්න සම්බන්ධයෙන් එම නිවේදනයේ කිසිවක් සඳහන් ව තිබී නැත.
“ඇමෙරිකා එක්සත් ජනපද ජනතාවගේ පරිත්‍යාගශීලිත්වයෙන් තවදුරටත් වාසි ලබාගැනීමට අප ඉඩ තබන්නේ නැහැ” යැයි නිවේදනය නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙනුවෙන් පත් කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත නිකී හේලී පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව එම සංවිධානයේ වාර්ෂික මෙහෙයුම් අයවැයට ඇමෙරිකාව ලබාදිය දිය යුතු දායකත්වය සියයට 22කි. ඒ වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බැඳි සිටියි. මේ වසර සහ ලබන වසර වෙනුවෙන් ඇමෙරිකාව ලබාදුන් මූල්‍යමය දායකත්වයේ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.2කි. එය සාමය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් සඳහා වැය වන පිරිවැයවලින් සියයට 28.5ක ප්‍රතිශතයකි.
අපගේ ලැදියාවන් ආරක්ෂා කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව ද නිකී හේලි පවසා තිබේ.
ඇත්තේ ඊශ්‍රායල-පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් දරන ස්ථාවරත්වය ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණයට හේතු වී තිබේ. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවත් තෙල් අවිව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යන බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. ඒත් සමඟ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයට ඇමෙරිකාවේ මිත්‍ර රටවලින් පවා දැඩි විවේචනයක් එල්ල විය.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තීරණය ඉල්ලා අස් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ද ඉදිරිපත් වූ අතර නිෂේද බලය භාවිත කරමින් ඇමෙරිකාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව අරාබි හා මුස්ලිම් රටවල ඉල්ලීමකට හා යෝජනාවකට අනුව හදිසි සහ විශේෂ මහ මණ්ඩල සැසියක් පැවැත්විණි. එහිදි ඡන්ද විමසීමක් ද පැවැත්විණි. එම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 128ක් ඇමෙරිකාවට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
055
COMMENTS
සල්ලි සෙල්ලම් කරන්නේද? ඔව්. එක්සත් ජනපදයේ අනුප්රාප්තියට චෝදනා කරන එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව ද ඒජන්සියේ මුදල් හිඟයන් ඉහල නැංවීම පිලිබඳව සැලකිලිමත් බවත් එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ප්‍රකාශ කළේය. එහෙත් එය හුදෙක් වසර හයකට පෙර පලස්තීන සාමාජිකත්වය පිලිබඳව කලකිරීමට පත් වූ අතර, එහි අයවැය 22% කින් කපා හැරීමට ඩොලර් මිලියන 80 කට (ඩොලර් මිලියන 60) ක මුදලක් කැපීමට එක්සත් ජනපදයේ තීරනය හේතු විය.
එක පැත්තකින් ලක්ෂ ගණනක් මැද පෙරදිග ඉන්න අපේ ශ්‍රමිකයන් ගැන හිතන්න වෙනවා අනිත් පැත්තෙන් අපේ රටේ නිෂ්පාදන භාණ්ඩ ආයත වලින් 20% ක් මිලදී ගන්න ඇමෙරිකාව ගැනත් හිතන්න වෙනවා. අපේ රටට තිබුනේ කාටවත් ඡන්දය නොදී ඉන්න. රටවල් 35 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
තෝරු මෝරු අස්සේ හාල්මැස්සෙකුත් මැදට පැනලා. ඇමරිකාව සෑහෙන්න බයවෙලා ඉන්නේ.
ඔන්න තවත් ප්‍රතිපලයක්. සිරි ලංකාව ඉල්ලගෙන කන්නයි හදන්නේ.
මෙහෙ ඉන්න ඩොලර් කාක්කොත් බයවෙලා ඇති. අම්ම තාත්ත වුනත් විකුණලා කොටින්ට කඩේ යන පිරිසක් ඉන්නවා කාක් කාක් කියල ඩොලර් මිටියක් පොකට් එකේ දාගන්න. සංහිඳියා ඔස්තාර් ල ඔක්කොම නත්තල් නිවාඩු අස්සේ සුඩකුඩ දාගැබ ඩෝසර කරලා . ඒක නිසා ඩොලර් කාක්කෝ නිදි වෙන්න.
බණ්ඩාරනායක මහතා කියාදුන් මැදපිලිවෙත , නොබැඳි පිළිවෙතින් පිටපන්නාට හොඳ වැඩේ. ට්‍රම්ප් මහතා ඉස්සෙල්ලාම කපන්න මුන්ගේ බොටුවෙන් අනිකෙවුන්ට පාඩමක් ඉගෙනගන්න. සිරිසේනලා කියන්නේ නම් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගෙනියනවා කියලා නමුත් ගෙනියන්නේ හම්බයින්ට ඕන ප්‍රතිපත්ති.
ත්‍රස්තවාදය නැතිකරන්න ඊස්‍රායලය දීපු උදව් අමතක කලාට හොඳවැඩේ. මේ අයව බලයට ගන්න ඇමෙරිකාව උදව් කලාට හොඳ වැඩේ...