IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඇමරිකානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට

 (රොයිටර් ඇසුරෙනි-042)

ඇමෙරිකානු ප්‍රහාරක යානා සහිත යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බවට ඇමෙරිකානු නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

උතුරු කොරියාවේ නවීන ආයුධ අත්හදාබැලීමේ වැඩසටහන ගැන අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. මේ මාසය ආරම්භයේදී උතුරු කොරියාව නවීන මිසයිල කිහිපයක් අත්හදා බැලීය.

ගුවන් යානා අංගනයකින් සමන්විත ‘කාර්ල් වින්සන්‘ නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බව මාධ්‍යට ප්‍රකාශ කිරීමට රාජකාරී මට්ටමෙන් අවසර නොලත් නිලධාරියකු පැවසීය. එම ප්‍රහාරක යානා සමූහය උතුරු කොරියාව ආසන්නයට යාමට බලාපොරොත්තු වන බව කී ඇමෙරිකානු නාවික හමුදාවේ තුන්වැනි බලඇණිය එය ගමන් ගන්නා නිශ්චිත ස්ථානය හෙළි නොකළේය.

අන්තර් මහද්වීප බැලිස්ටික් මිසයිල හෝ ඒ හා සමාන මිසයිල අත්හදා බැලීමට සැලසුම් කර ඇතැයි උතුරු කෙරියානු ජනපතිවරයා හා උතුරු කොරියා බලධාරීන් මෙම වසර ආරම්භයේ සිට වරින් වර ප්‍රකාශ කළේය. එරට පළමු ජනපතිවරයාගේ 105 වැනි උපන්දිනයට සමගාමීව අප්‍රේල් 15 පැවැත්වීමට නියමිත ‘හිරුගේ දිනය‘ නම් උත්සවය නිමිත්තෙන් මේවා අත්හදාබැලීම් කරන බවට ප්‍රකාශ විය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉකුත් දා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා චීන ජනපති ජින්පින් මහතා අතර පැවති සාකච්ඡාවේදී ට්‍රම්ප් මහතා චීන ජනපතිවරයාට බල කර සිටියේය. ට්‍රම්ප් මහතා හා දකුණු කොරියානු වැඩ බලන ජනපති ක්වාන් ක්යෝ-හන් මහතා අතර ඉකුත් සිකුරාදා(07) දුරකතන සංවාදයක් පැවති බව ද වොෂින්ටනය නිවේදනය කළේය.

 

 



අදහස් (7)

ඇමරිකානු යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට

සෙනෙවි Sunday, 09 April 2017 02:35 PM

ඇමරිකාවට සැප්තැම්බර් 11 ප්‍රහාරය දෙන තෙක් කවුද හිතුවේ එහෙම වෙයි කියල? ඉල්ලගෙන කන්න වගේ යන්නේ

:       167       331

ravin Sunday, 09 April 2017 10:27 PM

ඇමෙරිකාවේ වචන වලින් "ලෝක සාමය" යනු බලය පෙන්වීමයි. තමතමන්ගේ නිදහස බලය පෙන්වීම.

:       11       85

abba Monday, 10 April 2017 03:06 AM

ට්‍රම්ප් මහතාට අපි සුබ පතමු.

:       108       123

ධනංජය Monday, 10 April 2017 09:12 AM

යුද්ධයට විරුද්ධ මුත්, කෑම ඉල්ලන අයට කෑම දීමට සුදානම් වීම වරදක් ලෙස තැකිය නොහැක.

:       3       50

jagath Tuesday, 11 April 2017 10:45 AM

මේකෙන් වෙන්නේ දකුණු කොරියාවට සහ ජපානයට කන්න වෙන එක.

:       4       38

Faaraz Wednesday, 12 April 2017 04:32 AM

දැන් කවුද ත්‍රස්තවාදීන් ??? ඇමෙරිකාව ද? කොරියාව ද?

:       0       25

kumara Monday, 17 April 2017 09:16 AM

පියාගේ මරණයෙන් පස්සේ අද බාලයන් රාජ්‍ය නායකයන් උණත් ඒ අයගේ මොලය හැඳි මිටේ නුවණටත් වඩා අඩුබව ක්‍රියාවෙන් පෙන්වන බව නම් කිව හැකිය. රටක ජනතාවගේ පාලකයා නුවණින් පිරිපුන් විය යුතු මෙන්ම, අවට ලෝකය ගැන දනුවත් භාවයෙන්ද විය යුතුය. එහෙම නොවුණම ඉල්ලන් කන්න වෙන වැඩවලට ඉතා ආශා කරන වග නම් පෙනෙන්නට තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site