(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පෙරේදා (10) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූයේය.
ඇමරිකානු තානාපතිවරයා කොළඹ විජේරාම හි පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී පැය එකහමාරක පමණ කාලයක් සුහද කතාබහක නිරතව ඇතැයි ද වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු තානාපතිවරයාගේ සාකච්ඡාවට වෙනත් කිසිවෙක් සහභාගි වී නැති අතර එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවීම ද විශේෂත්වයකි.
තානාපතින්ගේ නිල කාලය අවසන් වෙද්දී රටේ නායකයන්ට සමුදීම සම්ප්‍රදායක් වන හෙයින් ඇමෙරිකානු තානාපතිවරයා ද එම සම්ප්‍රදායට අනුගත වන්නට ඇතැයි කියැවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ආරංචි උන විදියට ට්රම්ප්ගේ මැතිවරණ උපදේශයකයෙක් විදියට වැඩ කරන්න කැමතිද කියලා අහාලා තියෙනවා. ඊළග ඡන්දයදී ඇමෙරිකානු ජනතාව යකඩ බට සිල්රෙදි කැලැන්ඩර් බිත්තී ඔරලෝසු බෙදන හැටි වගේම ධවල මන්දිරයේ දන් සැලක් දාන හැටිත් දැන ගන්න ට්රම්ප් ලොක්කට ඕන වෙලාලු.
සත්‍යපාල කියන්නේ බටලන්දේ රාජකාරි කරපු කෙනෙක් නිසා එයාගේ බොස්ට කීකරුයි වගෙයි.