නිමන්ති රණසිංහ
රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ අල්ලස් නඩුවට අදාළ ජීප් රථය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලැබූ ලිපි ගොනුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා අල්ලස් චෝදනා ලැබ සිටියි.
මෙම නඩුවට අදාළ සාක්ෂි කැඳවීම අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්. එස්. එම්. මොහොමඞ් මහත්මිය සාක්ෂි ලබා දීම සිදුකළාය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් සාක්ෂි විමසීමේදී ඉදිරිපත් කරනු ලබන ලේඛන ඡායා පිටපත් වන අතර ඒවාද පරස්පර ඒවා බැවින් සාක්ෂිකරුට හඳුනාගැනීමට අපහසු බව සදහන් කළ අධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලගේ පිහිටෙන්... ඒකත් පිල්ලි ගහලා නොතිබුණොත් පුදුමයි!