IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඇමැති සම්බන්ධීකරණ ලේකම්ගේ මහනුවර නිවසේ ගිනි අවි 3 ක් උණ්ඩ 38 ක්-කඩු 6 ක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 


කැබිනට් අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු   යැයි කියන පුද්ගලයකුට අයත්ව මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි දෙමහල් නිවසක් ඊයේ (21) අලුයම සෝදිසි කළ මහනුවර දූෂණ මර්දන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායමක් විසින් ගිනි අවි 3ක් සහ උණ්ඩද, කඩු, ව්‍යාජ වාහන අංක තහඩු සහ මාංචු කුට්ටමක්ද සොයාගෙන නිවසේ සිටි හත් දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.

නිවසේ තිබී සොයාගත් ගිනි අවි තුනට රිපීටර් ගිනි අවියක්, මයික්‍රෝ පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද ඇතුළත් වන බවත් පිස්තෝලයේ තමිල් විඩුගලෙයි පුලිගල් (විමුක්ති කොටි) යනුවෙන් දෙමළෙන් සටහන් කර තිබු බවත් ප්‍රදේශයේ
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට කීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ සම්බන්ධීකරණ ලේකම්වරයකුයැයි කියන පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයා නිවෙසින් පලාගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. ගිනි අවි තුනට අමතරව රිවෝල්වර් උණ්ඩ 25ක්, රිපීටර් ගිනි අවි උණ්ඩ 13ක්, කඩු 6ක්, මාංචු කුට්ටමක්, ව්‍යාජ වාහන අංක තහඩු 6ක් සහ ගංජා ද නිවෙසින් සොයාගත් බව පොලිසිය කියයි.

මෙම නිවෙස ඉදිරිපිට නතර කර තිබූ නවීන පන්නයේ අධිධාරිතාවයකින් යුත් නවීන පන්නයේ යතුරුපැදි දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත. නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් හය දෙනකුම සිංහල ජාතිකයන් වන අතර එක් අයකු දෙමළ ජාතිකයකු යැයි පොලිසිය කීය. 

මෙම සැකකරුවන් පන්විල, පේරාදෙණිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයා රුපියල්
ලක්ෂ ගණනින් මුදල් පොලියට දීමේ යෙදී සිටි අයකු බවත් ඔහු මීට වසර කීපයකට ඉහතදී පොලිස් නිලධාරියකුට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අයකු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මොහු ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් සමග කිට්ටු සම්බන්ධකම් පවත්වන බවටද තොරතුරු හෙළි වී ඇතැයි එම නිලධාරියා කීය.

මහනුවර විශේෂ බුද්ධි අංශයකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සහ මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකර
ඇත. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කණ්ඩායම මෙම නිවසේ ලැගුම්ගෙන සිට කිසියම් අපරාධ සිදුකර ඇත්දැයි සොයාගැනීමට පොලිසිය ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් ගිනි අවි උණ්ඩ, කඩු සහ ව්‍යාජ වාහන
අංක තහඩු සොයා ගැනීම නිසා එවැනි තදබල සැකයක් මතුවී තිබෙන බවත් පොලිසිය පවසයි. එල්ටීටීඊයට අයත් රිවෝල්වරයක් මෙම සැකකරුවන්ට ලැබුණු ආකාරය සම්බන්ධයෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඒ ගැන දන්නේ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් යැයි ඔවුන් පවසා ඇතැයිද පොලිසිය කියයි.

මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධ්‍යක්ෂ සිසිර කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමලතිස්ස මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.



අදහස් (2)

ඇමැති සම්බන්ධීකරණ ලේකම්ගේ මහනුවර නිවසේ ගිනි අවි 3 ක් උණ්ඩ 38 ක්-කඩු 6 ක්

KANDEPOLA Wednesday, 22 August 2018 05:33 AM

යහපාලනය ආරක්ෂා කරන්න අවි ආයුධ තියාගෙන හිටියද දන්නේ නෑ.

:       11       29

Hafeel Wednesday, 22 August 2018 08:38 AM

මෙම ගිනි අවියක විමුක්ති කොටි යනුවෙන් සඳහන් වෙලා තියනවනං, ළඟදී කොටි ත්‍රස්තවාදියක් විසින් කල ප්‍රකාශ අතර සම්බන්ධතාවක් ඇති.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site