IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ඇමැති ලියුමට දුම්රිය රැකියා දුන්නා’


 
රේඛා තරංගනී ෆොන්සේකා      

                                   
වෘත්තීය සුදුසුකම් නැති සේවකයින් දේශපාලන මැදිහත්වීමෙන් දුම්රියට බඳවා ගැනීම නිසා වෘත්තීය සේවක පුරප්පාඩු 6000ක් පමණ ඇති වී අදාළ වෘත්තීය හිස්වෙලා සමහර සේවකයෝ කල් මරනවා වගකිව යුත්තෝ අවශ්‍ය දේ පැත්තක දාලා අනවශ්‍ය දේවල් වලට අවධානය දෙනවා යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසීය.


උඩරට දුම්රිය මාර්ග නඩත්තුවට ඉන්නේ සේවකයෝ 20යි. එක එක කාලෙට පත් වුණු ඇමැතිවරුන්ගේ ලියුම් වලට වැඩට ගත්ත කාන්තාවන්ට දුම්රිය මාර්ග හදන්න බෑ යැයි ඔහු වැඩිදුරටත් කීවේය. 


මෙසේ පැවසුවේ දුම්රියේ කඩා වැඩීමට දේශපාලන මැදිහත්වීම හා සේවක අවශ්‍යතා  නොතකා හැරීම බලපෑ බවට ලංකාදීප වෙත අදහස් දැක්වීමට එක්වෙමිනි.


දුම්රිය සේවය ලාභ ලබන ආයතනයක් නොවුවද පාඩු නොලබන තැනට ගෙන ඒමට හැකි  බවත් දේශපාලන ඉලක්කයක් දුම්රිය වෙනුවෙන් කිසිවෙකුට නොවු බවටත් සඳහන් කළ ඒ  මහතා කැන්වසින් යාම දේශපාලකයකුගේ සහයකයකු ලෙස මැතිවරණයට උරදීම දුම්රිය සේවකයකු ලෙස පත්වීමට ඇති වෘත්තීය සුදුසු කමක් වු බවද පැවසීය.


පවතින රජයෙන්ද දින සියයේ වැඩපිළිවෙළ යටතේ සේවකයින් පන්සීයයක් බඳවා ගත් බවද ඒ මහතා පැවසීය.


ඩියුටි ස්ථානත් නැති ඩියුටිත් නැති සේවකයින් දුම්රිය සේවයට එක්ව සිටින බව පවසන ඒ මහතා කාන්තා  බඳවා ගැනීම් දුම්රිය මාර්ග නඩත්තු අංශයට දැඩි බලපෑමක්  එල්ල කර ඇති බව සඳහන් කළේය.

 



අදහස් (1)

‘ඇමැති ලියුමට දුම්රිය රැකියා දුන්නා’

rocky Thursday, 07 June 2018 01:18 AM

ඔය කියන ඇමතියා මෙහෙ කළුතර පැත්තේ චන්ද පෝස්ටර් අලවපු, කන්වසින්කාරයෝ පස්සෙන් ගියපු කොල්ලන්ටත් රේල්වේ දෙපාර්තමේන්තුවේ පත්වීම් දීල තියනවා. එකෙක්ගේ වැඩිහිටියන් දැන් පොරචාරය කොරන්නේ පුතා ස්ටේසන් මාස්ටර් කෙනෙකු ලෙස වැඩ කරනවා කියලයි!දෙපාර්තමේන්තු කියන්නේ උන්ගේ බුදලේ කියල ඇමතියා හිතාගන ඇති.සුදුසුකම් නැති හැම එකෙකුවම එළවන්නයි තියෙන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site