IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇනලිටිකා සමාගම ෆේස්බුක් ගිනුම් මිලියන 50ක දත්ත බලලා

දේශපාලන උපදේශන සහ දත්ත විශ්ලේෂණ සමාගමක් වන ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගමේ කාර්යාල පරීක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය විමර්ශන නිලධාරීන් වරෙන්තු අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ. 
 

‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ අනවසරයෙන් ෆේස්බුක් පරිශීලකයන් මිලියන 50කට ආසන්න පිරිසකගේ දත්තවලට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔවුන් එලෙස වරෙන්තු ඉල්ලා ඇතැයි වාර්තා වේ. අදාළ සමාගම ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්තවලට අනවසරයෙන් පිවිස ඇති බව අනාවරණය කළේ බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ රූපවාහිනියයි. 
 
බ්‍රිතාන්‍ය  නියාමකයන් මෙලෙස වරෙන්තු ඉල්ලනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද හා යුරෝපීය නීති සම්පාදකයන් ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගම ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්තවලට පිවිසුණු බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් සවිස්තර පැහැදිලි කිරීම ඉල්ලීමෙන් අනතුරුවය. 
 
ඉකුත් 2016 වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී මෙම සමාගම එරට වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ද සම්බන්ධව කටයුතු කර තිබේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ සාමාජිකයන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ගෙන් ඉල්ලා ඇත. 
 
‘කේම්බි්‍රජ් ඇනලිටිකා’ සමාගම සතුව තවමත් දත්ත තිබේදැයි සොයා බැලීම ‘සෝට්‍රෝස් ෆ්‍රීඞ්බර්ග්’ හි වෝහාරික විගණන නිලධාරීන්ට පැවරූ බව ෆේස්බුක් සමාගම සඳුඳා (19) නිවේදනය කළේය. 
 
 
රොයිටර්

055 



අදහස් (2)

ඇනලිටිකා සමාගම ෆේස්බුක් ගිනුම් මිලියන 50ක දත්ත බලලා

ජගත් ලියනගේ Wednesday, 21 March 2018 11:56 PM

හත් දෙයියනේ . ඒ කියන්නේ අපේ හොර වැඩ ඔක්කෝම මාට්ටු ද?

:       0       0

රවින් Thursday, 22 March 2018 02:45 AM

නව තාක්ෂණික දියුණුවත් සමග රහස්‍ය රැකගැනීම අතිශ්‍ය දුෂ්කර භව මෙයින් මනාවට ඔප්පුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site