(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඇත් දළ ලබා ගැනිමේ අරමුණින් මරා දමන්නට ඇතැයි සැක කරන ගල්ගමුවේ දළ පූට්ටු ඇතාගේ සිරුර වලදමා ඇතැයි සැකකරන පොල්පිතිගම හේරත්ගම ගලහිටියාව වැව ඉස්මත්තේ ඉඩමක කැනීම් කිරිම අද (28) සිදු කළේය.
නමුත් කිසිදු හොඩුවාවක් සොයා ගැනිමට නොහැකි වු බව වන ජීවි නිලධාරීන් පවසයි.
දළ පූට්ටුවා කිසියම් පිරිසක් දළ ලබා ගැනිමට මරා දමා ඇති බවට හේඩුවාවක් මතුව තිබුනේ දළ යුගලක් අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු වලාන දුෂණ මර්ධන එකකයේ නිලධාරීන් පොල්පිතිගම නිකවැව ප්‍රදේශයේදි අත් අඩංගුවට ගැනිමත් සමගය.
මෙම සැකකරුවන් සතුව තිබු ඇත් දළ යුගල දළ පූට්ටුවාගේ බවට වන ජීවි නිලධාරීන් මේ වන විට සනාථ කර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය , සිවිල් ආරක්ෂක බළකාය සහ වන ජිවී නිලධාරීන් අවට වන රක්ෂීත තුල සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි වැඩේ කරපු උන්ට උපරිම දඬුවම් දියයුතුයි .පව් අහිංසකයා.
මොවුන් පිටු පස මහා එවුන් ඇති බැවින් මේ අමනයක් බේරා ගැනීමට මුදලට කළු කබා උගතුන් ඉදිරිපත් වේවි. ඔවුන් එසේ නොවන බව කියන්නේ නම් මේවැනි අපරාද කරුවන් බෙර ගැනීමට ඔවුන් ඉදිරිපත් නොවිය යුතුය.
අතන මෙතන හාර හාර ඉන්න ඕනේ නැනේ. අත්අඩංගුවට ගත්ත අයගේ තොරතුරු ඔස්සේ ආපස්සට හොයාගෙන ගියානම් හරි තැනටම යන්න පුළුවන්නේ.