IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


‘ඇතැම් පනත් ගැන පාර්ලිමේන්තුව ප්‍රජාතන්තවාදී රාමුවෙන් පිට කටයුතු කරනවා‘

( විනීතා එම් ගමගේ)


පසුගිය සමයේ සමහර පනත් ඉදිරිපත් කළ ආකාරයෙන් පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට කටයුතු කරන බව පෙනී යන්නේ යැයි මාර්තු 12 ව්‍යාපාරය කියයි.


පාර්ලිමේන්තුවේ පමණක් නොව පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු සියලු ආයතනවල ජනතා නියෝජිතයින් තම වගකීම් අවබෝධ කරගෙන ජනතා අභිලාෂ ඉටුවන අයුරින් කටයුතු නොකරන බව පෙනී යන්නේ යැයි මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්  මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.  


මිලියන විස්සක් වන සමස්ත ජනගහනය නියෝජනය කරමින් වර්තමානය පමණක් නොව අනාගතය සඳහා ද ප්‍රතිපත්ති සකස් නොකිරීම හා මුල්‍ය පාලනය වෙනුවෙන් ක්‍රියා කළ යුතු මහජන නියෝජිතයින් එම වගකීම් හරි හැටි ඉටු නොකිරීම මේ වනවිට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි  හෙට්ටිආරච්චි මහතා කීය.

 
ගණ පූරණ්‍ය නොමැතිවීම නිසා මසකට දින හතක් අටක් රැස්වන පාර්ලිමේන්තුව කල්  දැමීමට සිදුවූ අවස්ථා ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා 225 දෙනෙකු ගෙන් විසි දෙනෙක් රැස්කර ත නොහැකි නම් ඔවුන් ජනතා ගෞරවය රකින්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.


පාර්ලිමේන්තුව රැස්වීමේ දී දිනකට රුපියල් ලක්ෂ 45 කට ආසන්න  මුදලක් වැය වන බවත් 225දෙනාම පැමිණියත්  නැතත් මෙම මුදල් වැය කරන බැවින් මන්ත්‍රීවරුන් නොපැමිණීමෙන් මුදල් නාස්තියක් සිදුවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 


වගකීම් සහගතව සහ ගෞරවනීය ලෙස කටයුතු කරන ජනතා නියෝජිතයින් ඇගයීමට හා දිරිමත් කිරීමට කිසිදු යාන්ත්‍රණයක් නොමැතිවීම ද විශාල අඩුපාඩුවක් යැයි පෙන්වා දුන් ඒ මහතා එවැනි වැඩ පිළිවෙලක් ඇති කළ යුතු යැයි ද සඳහන් කළේය. 


පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල සියලු ජනතා නියෝජිතයින් වගකීමෙන් හා වගවීමකින් කටයුතු කළ  යුතු බවත් ඒ පිළිබඳව සභා නායක මෙන්ම පක්ෂනායකයින් ද අවධානය යොමු කළ යුතු බවත් හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (0)

‘ඇතැම් පනත් ගැන පාර්ලිමේන්තුව ප්‍රජාතන්තවාදී රාමුවෙන් පිට කටයුතු කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site