(තිලකරත්න දිසානායක)
 

ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක විස වායුවක් ආඝ්‍රාහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වු සේවක සේවිකාවන් 34 දෙනෙකු අද (20) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණි.

මෙම සේවක සේවිකාවන් සේවයට වාර්තා කර මද වේලාවකින් සිහිසුන් තත්ත්වයකට පත්වීම මත එම කම්හල් පාලානාධිකාරිය ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.‍

ගම්පහ රෝහලට ඇතුළත් කළ පිරිස අතර පිරිමි සේවකයින් දෙදෙනෙකු ද සිටින බවත් මෙම රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ මුදිත් කරුණාතිලක මහතා පැවසීය.

ඊයේ (19) දිනයේ දී ද කම්හල තුළ මෙලෙස විස වායුවක් කාන්දු වීම හේතුවෙන් සේවක පිරිසක් ගම්පහ ඇතුලු අවට රෝහල් කිහිපයකට ඇතුළත් කර තිබේ.