(අංජුල මහික වීරරත්න)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොජනා කළ ආකාරයට ආසන 40000ක ධාරිතාවයකින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොග්ගල ඉදිරිකිරීමට රජයේ අවධානය යොමුව පවතියි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ක්‍රිඩා මණ්ඩපය සම්බන්ධයෙන් යුනිස්කෝ සංවිධානය මතුකර තිබෙන ප්‍රශ්නයත් සමගම නව ක්‍රිඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමටද රජය අපේක්ෂා කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යොජනාවට අනුව ඉදි කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන 40000 ක ප්‍රමාණය ආසන 25000 දක්වා අඩු කිරීමට රජයේ පාර්ශවයන්ට යෝජනා ඉදිරිපත් වී තිබුණි.
එහෙත් දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ සිට ගාල්ල දක්වා පැයකින් පැමිණිය හැකි නිසා ආසන 40000 ක ක්‍රිඩාංගණයක් ඉදිකිරීම සුදුසු බවට නැවත යෝජනා ඉදිරිපත්ව ඇත.
මීට අමතරව මහනුවර ආකාරයට තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මාතර කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් යොජනාවක් ඉදිරිපත් කර තිබේ.
COMMENTS
අපිට දැන් තියන ලොකුම ප්‍රශ්නෙට විසදුමක් ළඟ ළඟම. හරි සන්තෝසයි. කාටද ආඩම්බර
රට ලෝකෙට ණය වෙලාලු, ණය ගෙවාගන්න බැහැලු, ගාල්ල සිට කොග්ගලට කිලෝමීටර 21යි. බිලියන ගණනක් වියදම් කර තවත් ක්‍රීඩාංගණයක්? මීට අමතරව තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මාතරට. දිස්ත්‍රික්කයකට එක ගානේ හදයි තව ටික දවසක් යනකොට. ගහන කොමිස් එකක් මේ අවුරුදු එකහමාර ඇතුලත ගහගන්න ඕනෙනේ නේද?
ඔච්චර ක්‍රීඩාංගණ කන්නද?
රට ලෝකෙට ණයයි කියා කියා වරායයි ගුවන් තොටුපලයි විකුනනවා. රටේ සල්ලි කාබාසිනියා කරමින් පිට්ටනි හදනවා. මාර ආර්ථික විශේෂඥයෝ. මගේ උසස්පෙළ දැනුමෙන් මේ අහන්නේ ඔය පිට්ටනි හදන සල්ලිවලින් හොද නැද්ද හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටුපොලයි ඉලක්ක කරගෙන නිදහස් වෙළද කලාප දෙක තුනක් හදලා විදේශ යෝජකන්ට ඒවා විවෘත කලානම්. එහෙනම් අද කී දෙනෙක්ට රැකියා හම්බවෙනවද? බිලියන කීයක් අපිට වරායයි ගුවන් තොටුපලෙනුයි ආදායම් ලැබෙයිද?
"බඩට නැතිවුනත් ලුණු කැඳ ඇඟට ඕනමයි විල්ලුද" දුප්පතාට ඉස්පිරිතාලේ බෙහෙත් නෑ, ළමයින්ට අඳින්න ඇදුම් නෑ, දුප්පත් මිනිස්සුන්න්ට කන්න නෑ, අවුරුද්දට වරක් දෙවරක් ගහන ක්‍රිකට් එකට බිලියන ගණන් යටකරන්න
මේ කතාවෙන් පේනවා නේද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දුර දිග පෙනෙන කෙනෙක් කියලා. මෙහෙම මිනිසුන්ගෙන් රටට වැඩක් ගත යුතුයි.
ඒ වුනාට පසුගිය සුමානේ කිව්වෙත්, ගාල්ල ක්‍රීඩාංගනයට කිසිවක් වෙන්නේ නැහැ කියලා. ගාල්ල ක්‍රීඩාංගනය විකුනන්න හදනවා කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා අපිට හිතෙනවා දැන්. මේ රජය දන්නේ රට විකුණගෙන කන්න විතරයි. සුරියවැව එකත් ඉන්දියාවට දෙනවා කියල අද පත්තරේ තිබුනා. මේ රජයට කිසිම දැක්මක්, සැලසුමක් නැතිද? මොනවද මේ කරන්නේ, හරියට පොඩි ළමයින් වැඩකරනවා වගේ. මෙහෙම විකුණලා දැම්මම අනාගත පරම්පරාවට මොනවද ඉතුරුවෙන්නේ.
හැම නගරයකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය බැගින් ඉදි කල යුතුය. මේ රටේ මිනිසුන්ට කෑම සඳහා ප්‍රධාන ආහාරය වශයෙන් වැඩි වැඩියෙන් පුන්නක්කු ආනයනය කල යුතුය!
කොහෙන්ද සල්ලි?
දැන් රටට අඩුව තියෙන්නේ ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් විතරමයි. ඒ දෙක මේ ආණ්ඩුවෙන් හදලා දුන්නම අපි තුන්වෙනි ලෝකයේ ඉදලා සංවර්ධිත ලෝකයට එක පිම්මේ යනවා.
අනේද කියන්නේ.
කලබල වෙන්න ඕනේ නැහැ. මේ අවුරුදු 3ට කොච්චර සුරංගනා කතා ඇහුවද
ජනාධිපතිතුමා කඩුව අරන් නවත්තයිද දන්නේ නැහැ.
මේවට මුදල් කොහෙන්ද?
ඔය තිබෙන්නේ නැහැයි කීව සංවර්ධනය.
කව් බෝයි වගේ දැන් තොණ්ඩුව දාල හිර කොරන්නේ. කඩුව කොපුවට දාපුගමන් තාම ඇද්දේ නැහැ එලියට.