(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පොලිස් වසමට අයත් නීර්වේලි ප්‍රදේශයේදී ‘ආවා‘ කල්ලියේ සාමාජිකයින් පිරිසක් තියුණු ආයුධ වලින් කළ පහරදීමකින් බරපලතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුළු කළ බවට කෝපායි පොලීසිය පවසයි.
කෝපායි නිර්වේලී පුල්ලයාර් කෝවිල් භූමියේදී මුහුණු ආවරණය කරගත් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් යතුරුපැදි තුනකින් පැමිණ අසල සිටි තරුණයින් දෙදෙනෙකුට ඊයේ (07) රාත්‍රියේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයින් ආසන්නයේ තිබූ යතුරුපැදියක් හා පාපැදි තුනක් අසළ පිහිටි ළිඳකට දමා පලා ගොස් තිබිණි.
අදාල පහර දීමෙන් පසුව බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසින් කටයුතු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ කිව්වා නේද ආවා කල්ලියේ කට්ටියක් අත්අඩංගුවට ගත්තා කියලා?