(සිරාජ් හසීම්)
යාපනය කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ආවා කල්ලියේ නායකයකු බව කියන නිශා වික්ටර් නැමැත්තා අද (17) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගිය අවස්ථාවේදී පළා ගොස් ඇත.
සැකකරු මල්ලාකම් අධිකරණයට නුදුරු ස්ථානයක සිටියදී තෙල්ලිපලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් වෙත බාර දෙනු ලැබිණි.
කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කපාකොටා දමා තුවාල සිදුකිරීම සහ අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන් මත මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් කරවීම සඳහා ගෙන යන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණයේ සිටම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙම සැකකරු පළා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. මෙදාපාර "රිමාන්ඩ් බන්ධනගාරයේදී පැනයයි" කියල අහන්න පුළුවන් වෙයි.
මෙවන් දරුණු පුද්ගලයෙක් කොහේ අරන්ගියත් මාංචු දමා රැගෙන යන්න ඕනේ නේද? මේ කියන විදියට මොහුව රැගෙන විත් ඇත්තේ ටයි කෝට් අන්දවල වෙන්න ඇති. අපිට අහන්න තිබෙන්නේ ආරක්ෂක සේවාවල ඉන්නේ අමු මැට්ටොද කියලා තමයි ..