(සිරාජ් හසීම්)
යාපනය හා අවට ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ආවා කල්ලියේ නායකයින් තිදෙනා වීසා නොමැතිව අනවසරෙන් ඉන්දියාවේ රැදී සිටියෙදී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දකුණු ඉන්දීය සිනමාවේ මැර චරිත ආභාෂයට ගනිමින් යාපනය හා ඒ ආසන්න ප්‍රදේශවල මහජනතාව බිය වද්දා අපරාධ රැසක් සිදුකල මෙම කල්ලිය මෙහෙයවූ බව කියන ඥානසේකරම් දේවසුදන්(දේවා),නල්ලලිංගම් ප්‍රසන්නා(සන්නා) සහ ඩැනියල් ගුණසීලන්(ප්‍රකාශ්) යන තිදෙනා වීසා නොමැතිව තමිල්නාඩුවේ නාගපට්ටනම් ප්‍රදේශයේ රැදී සිටියෙදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් මීට කලකට පෙර මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා පැනගොස් ඇති අතර මොවුනගේ අරමුණ වී ඇත්තේ ඉන්දියාවේ සිට ස්විස්ටර්ලන්තය ට පළා යාම බවද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය මෙරට පොලිස් දෙපාර්තුමේන්තුවේ අභ්‍යන්තර අන්තර්ජාලය වෙත (vpn) නිල වශයෙන් දැනුම් දී ඇති අතර මොවුන් මෙරටට එවීම සදහා මොවුන් සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට සටහන්ව ඇති පැමිණිලි වාර්තාද ඉන්දීය ආරක්ෂක අංශ ඉල්ලා ඇත.
COMMENTS