IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි

තරිඳු ජයවර්ධන

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ රජයෙන් ඉල්ලීම් කළේය.

නව ආරක්ෂක ලේකම්වරයා සෙල නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන වෛද්‍යරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතෙත් මේ ගැන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කීවේ තමා ඉල්ලා අස් නොවූ බවයි.  අද දිනයේද කාර්යාලයට පැමිණි බවත් තමා එම තනතුරින් ඉවත් කිරීමක් ගැන මෙතෙක් නොදන්නා බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.



අදහස් (13)

ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි

ධම්ම Monday, 03 July 2017 02:40 PM

ආරක්ෂක ලේකම් තනතුරටත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැනි කෙනෙක් හොයාගන්න පුළුවන් වුණොත් සංහිඳියාව ඉක්මනින් පලදරයි.

:       124       547

srimala Monday, 03 July 2017 03:24 PM

සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර දී රටේ යම්කිසි විනයක් සෑදිය යුතුයි. සමහර අයට මොහුව හොඳ නැති වුණත් මොහු ආරක්ෂාව සම්බන්ධව ඉතා දක්ෂ පුද්ගලයෙක්....

:       2369       1845

thilina Monday, 03 July 2017 03:50 PM

උගත් යයි කියාගන්නා ඩොලර් වෙනුවෙන් කඩේ යන සිවිල් සංවිධානත් ලක්ෂ 62ක් වූ පිරිසක් එක්ව ලස්සනට තිබු රටක් ඇද දැමු ප්‍රපාතය දැන්වත් පේනවද..? කිසිම අරමුණක් නොමැතිව ඉබා ගාතේ ඇවිදින තම තමන්ගේ බලය රැක ගැනීම පමණක් අරමුණු කරගත් මේ වගේ ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති..

:       4338       6443

athuraTuesday, 04 July 2017 03:58 AM

ලස්සනට තිබුණු රට ඇද දමු ප්‍රපාතය කියන්නේ සුදුවෑන්, කාර් රේස් වගේ ඒවා නැති වුන එක ගැනද?

:       0       0

ranjith Monday, 03 July 2017 03:59 PM

වඩාත් කාර්යක්ෂම නිලධාරීන් සොයා බලන්න. දැන් දක්ෂ තරුණ අය බොහෝ ඉන්නවා. දුෂණයට වැට බඳින්න නේද මේ රජය පත් කලේ?. හොරු තාම මන්දිර ඇතුළේ...

:       46       210

ගගන Monday, 03 July 2017 05:04 PM

අපරාදේ.. සැහෙන සේවයක් කරලා යනවා නේද. දැන් කාවද දාන්නේ? දත් දොස්තර කෙනෙක්? හාමුදුරු කෙනෙක්?

:       0       0

Danushka Monday, 03 July 2017 05:04 PM

මහා බැංකුව හොරකපු එවුන්, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්

:       0       0

lusena Monday, 03 July 2017 05:19 PM

එදා ආරක්ෂක ලේකම් සහ අද ලේකම් අතර වෙනස බුද්ධියෙන් දකින්න. ලුසේනා

:       0       0

athula Monday, 03 July 2017 05:47 PM

මේ එකෙක්වත් රටේ අනාගතයට හෝ පාලනයට නුසුදුස්සෝ එහෙත් රටේ බහු තරය හිතා ගෙන ඉන්නේ මුන් දෙගොල්ලට හැර වෙන කාටවත් බැහැ කියල එතරම්ම බොරුවෙන් ජනතා මනස සෝදලා සමහරුන්ට නම් පසුගිය ආණ්ඩුව හොදාලු ආණ්ඩුවක් යනු කුමක්ද ? ආණ්ඩුවක් යනු බොහෝ දේ ඉටුකළ යුතුයි නමුත් අපි පත් කර ගන්න ආණ්ඩු එහෙමද ? බලයට අාපසු බල ඉන්දදී කොටිපතියන් වෙනවා මේ දෙගොල්ලම නොයෙක් අපරාද බලයට මුවා වෙලා කරනවා පසුගිය ආණ්ඩුව යුද්ධ කළා කියල කියනවා ඇත්තටම යුද්ධයක් ඇතිකළේ කවුද ඒවාට බොහෝ හේතු තියෙනවා කෙටියෙන් කියනවනම් යුද්දේ නිර්මාණය කලේ එදා හිටපු උන්ගේ බලය රැක ගන්න නමුත් වන්දි ගෙව්වේ කවුද ? රටේ අසරණ දුප්පත් ජනතාව දෙපැත්තේම විනාශ උනේ රටේ දුප්පත් මිනිස්සු , අන්තිමේදී එම යුද්ධයම විකුණගෙන කැවා තවමත් කනවා , යුද්දෙන් පස්සේ හා යුද්දෙ අස්සෙත් කලේ සුද්දය ඒවා සොයන්න ජනතාව පත්කළේ ඊටත් වඩා හොරු. එහෙත් ඍජු තීරණ ගන්න පුළුවන් හොරකම් නොකරන රටට අවංකව ආදරය කරන කණ්ඩායමක් ජනතාව පත් කල යුතුයි , එදාට බලා ගන්න පුළුවන් 48 න් පස්සේ හිටපු පාලකයන් කරපු හොරකම් , එදා හිටපු ජනාදිපති ගේ මුල්ම රස්සාව පුස්තකාල සහයක එහෙම හිටපු කෙනෙක් පසුව 1994 එයාට තිබුනේ එක ගෙයක් විතරයිෙ

:       0       0

පිටිගල මිලානෝ Monday, 03 July 2017 11:39 PM

මෙම තනතුර ෆීල්ඩ්මාර්ෂල් තුමාට දෙන්න.

:       0       0

බණ්ඩාර (කැකිරාව) Tuesday, 04 July 2017 04:15 AM

මේ තීරණය ගන්න තිබුනේ මීට වසරකට කලින්... මේ තනතුරට මෙතුමා නොගැලපෙන නිසා රට ගැන හිතන නිසා දක්ෂ තරුණ කෙනෙක්ට අවස්ථාව දෙන්න.... එමෙන්ම යහපාලනය යනු සිංහල ජනතාව මුලා කරන, රට, ජාතිය, ආගම විනාශ කරන හුදෙක් සෝබන සංකල්පයකි. මෙම යහපාලනයනේ ජනතාවට ලැබුනෙත් අයහපතක් පමණි. මුළු රටම අකර්මණ්‍ය වෙලා, ජනතාව වීදි බැහැල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කරනවා. ලස්සනට තිබුණු රට ප්‍රපාතයට ඇද දැම්මා. ඉතින් මෙවැනි ආණ්ඩුවක ආරක්ෂක ලේකම් ලෙස වැඩ කිරීම ජනතා අප්‍රසාදයට හේතුවන බැවින් එම තනතුරෙන් ඉවත්වීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයකි.

:       0       0

බණ්ඩාර - (කැකිරාව ) Tuesday, 04 July 2017 04:19 AM

ඩුබායි වල සිටින තිලක් මහතා මෙම තනතුරට වඩාත් සුදුසයි. අපි එයාට මෙම අවස්ථාව ලබාදෙමු . එතුමාලා තමයි යහපාලනයට කඩේ ගියේ... අවාසනාවට දැන් එතුමා පේන්නවත් නැහැ.

:       0       0

samantha Wednesday, 05 July 2017 11:06 AM

ජනරාල් ෆොන්සේකා මහතා විශිෂ්ඨයෙකි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා
2025 ජනවාරි මස 13 4587 6

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ


මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි
2025 ජනවාරි මස 12 5872 10

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු ක


මෙන්න අලුත් වාහන ආනයන බද්ද
2025 ජනවාරි මස 11 14598 17

ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.


කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා
2025 ජනවාරි මස 10 12714 24

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා ප


අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
2025 ජනවාරි මස 09 2508 7

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා
2025 ජනවාරි මස 09 2867 15

සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 202 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 545 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site