(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත ආනවිළුන්දාව රම්සා අභය භුමිය තුළ මේ වන විට ගින්නක් පැතිරි යන බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ශෂ්මින්ද රොද්‍රගෝ මහතා පැවසිය.

කර්නල් ශෂ්මින්ද රොද්‍රගෝ මහතා පවසා සිටියේ අද (8)   සවස 4 ට පමණ ගින්න ඇවිලි යාම ඇරඹි ඇත්තේ පුත්තලම කොළඹ මාර්ගයේ බත්තුඔය ආසන්නයේ බවත් රාත්‍රි  8 පමන වන විට ගින්න  උඩප්පුව මාර්ගය ආසන්නයේ විල්ලුව ආසන්නයේ තදින් පැතිරි යාම සිදු වෙමින් තිබු බවත්ය.

අපදා කලමණාකරන ඒකකයේ මැදිහත් විමේන් අවට ප්‍රදේශ වල ආයතන  කිපයක ජල බවුසර්  යොදා ගනිමින්  ගින්න නිවා දැමිමට කටයුතු කරන බවත් පුත්තලම යුද හමුදා කදවුරේ 100 කට ආසන්න පිරිසක් ගින්න පැතිරි යාම වැළැක්විම සදහා යොදා ගෙන ඇති බවත් ඔහු පැවසිය.