IMG-LOGO

ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව පොලිස්පති කියයි

(සුජිත් හේවාජුලිගේ)

ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘‘ලංකාදිපයට‘‘පැවැසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා විවිධ විමර්ශන අංශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද සම්බන්ධ කරගෙන පවත්වන මෙම සුවිශේෂි පුවත්පත් සාකච්ඡාවේදී පොලිස් දෙපාර්තමේන්තුව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පොලිසියේ ඉදිරි සැලසුම් ඇතුළු තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

අපරාධ මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හා අපරාධ මර්දනය සම්බන්ධයෙන්  විශේෂ ඉදිරි සැලසුම් යනාදිය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් තොරතුරු අනාවරණය කෙරෙන බව කී පූජිත් ජයසුන්දර මහතා පොලිසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට පවසා ගැටලු නිරාකරණය කර ගැනීමටද අවස්ථාව සලසා දෙන බව ප්‍රකාශ කළේය.

පොලිසියේ දියුණුව සඳහා මාධ්‍යවේදින්ගේ යෝජනා ඇත්නම් ඒවා ගැනීමට ද මෙහිදී කටයුතු කරන බව ඔහු කීය.

තමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු විවිධ වැඩසටහන් නිසා රටේ අපරාධ මර්දනයේ ලොකු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (20)

ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව පොලිස්පති කියයි

lalith Tuesday, 02 October 2018 06:33 PM

අන්න මරු වැඩේ හරියට කළොත් ස්කොට්ලන්ඩ්යාඩ් යන්න පුළුවනි..........

:       0       12

එරික් Tuesday, 02 October 2018 11:39 PM

මෙයාගෙ සාකච්ඡා හැම එකක්ම ආන්දෝලාත්මකයි!

:       0       81

ඇත්ත සත්‍යපාල Wednesday, 03 October 2018 12:13 AM

මේ කියන්නේ ජනාධිපති බලපෑම් කරාට මම අයින් වෙන්නේ නෑ කියන එක නේද ? අනේ රටක නායකයෙකුට ගිය කල. පොඩි එකෙක්වත් කියන දේ අහන්නේ නෑ. එයත් හිතන්නේ ඕනේ නින්දාවක් මට මොකද. මම තනතුරේ ඉදිමින් ඒකෙ තිබෙන සැප බුක්ති විදලා පැන්ෂන් එකත් එක්ක ගෙදර යනවා කියලා.

:       0       79

Lakmal Wednesday, 03 October 2018 02:03 AM

දේශපාලනය මේ රට තව තවත් අගාදයට පත් කරනවා.

:       0       35

Uditha - London Wednesday, 03 October 2018 04:15 AM

පොලිස් පති තුමා වටේ යනවා.. වගේ.. නැත්නම් මහජනතාව වටේ යවන්නද හදන්නේ.. තිබෙන තත්ත්වය හා සංසන්දනාත්මකව බැලුවහම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සහ ඉදිරි වැඩ පිළිවෙලක් ගැන කතා කරනවා මිසක් වර්තමානේ පොලිස්පතිතුමා මුහුණ දීල තියන ප්‍රශ්න ගැන සදහනක් නැහැනේ...

:       0       15

Sujith Wednesday, 03 October 2018 04:21 AM

මෙයාට අමු කැවිලද කොහෙද????

:       0       60

lal Wednesday, 03 October 2018 04:34 AM

බලන්න රටේ දවස ගානේ වෙන අපරාද.

:       0       58

Thilak Wednesday, 03 October 2018 05:07 AM

සාකඡ්චා පැවත්තුවට පසු අපිට පුළුවන් පිළිතුරු දෙන්න

:       0       40

sathyapala Wednesday, 03 October 2018 05:18 AM

මේක ආණ්ඩුවට කරන වක්‍ර තර්ජනයක්, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීමට ප්‍රතිචාර දැක්වීමක් තමයි මේ කරලා තියෙන්නේ. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික හරි තියන නිසා සමර විට ආණ්ඩුවේ පාරම් බාපු නායකයෝ අඩියක් පස්සට තියයි. එතකොට පොලිස්පතිවරයා යහතින් ඉදිවී. ඒක බලාගන්න පුළුවන් ලබන මාසේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනවාද නැද්ද කියන කාරණය උඩ. මාධ්‍ය සාකච්ඡාව ඔය කියන විදියට පැවැත්තුවේ නැත්නම් කට්ටියම එකම මල්ලේ ලුණු කාලා තියන විත්තිය රටට හිතා ගින්න පුළුවන් වේවි.

:       207       105

ඩී. ජයදේව Wednesday, 03 October 2018 05:25 AM

ඔබතුමා යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රගතියක් ලබා ගෙන තියෙනවා කියන්නේම ආන්දෝලනාත්මක පුවතක් තමයි

:       0       31

OMG Wednesday, 03 October 2018 05:59 AM

ඔන්න තවත් මෙගා නාටකයක්.

:       0       37

kap Wednesday, 03 October 2018 06:26 AM

ඊට ඉස්සර්වෙලා නීතිය හෑමෝටම එක වාගේ ක්‍රියාත්මක කරලා ඉන්න.

:       14       5

kap Wednesday, 03 October 2018 07:37 AM

ඔබතුමා හරි වාසනාවන්තයි මේ රජය යටතේ මේ වගේ කතා කියන්න ලෑබුනට. ගිය ආන්ඩුවෙ කාලෙ කිව්වනම්, මෙලාකටත් ඉස්පිරිතාලෙ.

:       70       28

PerakumWednesday, 03 October 2018 09:21 AM

ඉස්පිරිතාලෙන් නැවතුණොත් ඇති අතුරුදන් වෙන්නේ නැතුව...

:       0       0

KANDEPOLA Wednesday, 03 October 2018 08:17 AM

සාකච්චාවට අපිත් එනවා. හැබැයි අඬන්න ඔට්ටු නෑ ඔන්න.

:       0       0

ranjith Wednesday, 03 October 2018 09:32 AM

සාකච්ඡාවට අජිත් එනවා කිව්වේ පැරිස් අජිත්ද?

:       0       0

kamal Wednesday, 03 October 2018 09:33 AM

මේවා තමයි ටෙලි නාට්ටි කියන්නේ...

:       0       0

jesap Wednesday, 03 October 2018 09:35 AM

මොනවා වුණත් මෙයා එඩිතර හොඳ සිංහල, බෞද්ධයෙක්...!!!

:       0       0

tharidu Wednesday, 03 October 2018 09:37 AM

මෙතුමා අනාගතේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවේවිදෝ මන්දා.. ඒවගේ හඬක් තමයි මට පේන්නේ...

:       0       1

sarath Friday, 05 October 2018 02:25 PM

අන්න හරි. මොන දේ කළත්... සද්දෙට බෙර ගහලා කරන්න ඕනෑ. බෙරේ සද්දේ වැඩිවුණු තරමට තමයි තොයිලේ ගුණ දෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 787 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site