(ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි තරුණ ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළදගෙන ඇයට ලිංගික අතවර කිරීමට ගිය ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වන අවිවාහක පාසල් ගුරුවරියකි.
සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30 ක් වන විවාහක අයකු බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අධික වර්ෂවත් සමඟ පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය ගුරු විවේකාගාරයේ තනිවම සිට ඇත. එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා “ඔයා මට බය දැයි” ගුරුවරියගෙන් විමසා ඇත.“බය වෙන්න ඔයා යකෙක්ද?” කියා ගුරුවරිය පෙරළා විමසා ඇත.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති ගුරුවරයා ගුරුවරියව සිප වැළදගෙන ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇති ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයාව පාසල් දෙකකට ස්ථාන මාරු කර ඇත.
COMMENTS
අර අලුතින් පත් කරපු සංවිධායකතුමා නෙවෙයි නේද?
ආණමඩුවේ හරියට අසහනකාරයෝ ඉන්නවනේ?
අධ්‍යාපන නිලධාරියොත් අර ගුරාට දෙවෙනි නෑ. මාරු විතරයි.
ආදරේට වෙන්ටෑ. අසල්වැසියාට ප්‍රේම කරන්න ඕනේ.
ආණමඩුව පළාත ගුරුවරුන්ට එතරම් හොඳ නැති පළාතක් වගේ. දෙමවුපියනි! දු දරුවෝ ඔබලාගේ.
ආනමඩුව ප්‍රදේශයේ ගුරුවරියන්ට සහ ශිෂ්‍යාවන්ට ආරක්ෂක උපකරණ ලබා දීම සුදුසුයි.