(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර කර දැවැන්ත විරෝධතාවක යෙදෙන්නට අසාධාරණයට ලක්වූ ජනතාව සමඟ සැබෑ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ආණඩුව ගෙදර යන තුරු එකී විරෝධතා රැල්ල අවසන් නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළකළේ බත්තරමුල්ල නෙළුම් පෙදෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
‘‘අගෝස්තු මාසෙ 17 වැනිදා කියන්නේ මේ ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් වෙන දවස. එදාට මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සියලු දෙනා එකතුවෙලා කොළඹට ඇවිත් මේ ආණ්ඩුවට විරෝධය පළ කරන්න සුදානම්.
මේ රටේ ජනතාවගේ සහනාධාර සියල්ල කපා හැරලා. එක පැත්තකින් පොහොර සහනාධාරය කැපුවා. අනෙක් පැත්තෙන් ධීවර සහනාධාර කැපුවා. ජීවන වියදම එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. ආර්ථිකය කඩා වැටිලා. මේ වෙනකොට රට පුරා පාතාලය හිස ඔසවලා. තැන තැන මිනිමැරුම් මංකොල්ල කෑම් මිනිමැරුම්. රටේ ඒකීයත්වයට බරපතල තර්ජන එල්ල වෙලා තියෙනවා.
රටේ රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගැන කිසි අවධානයක් නැහැ. දන්නෙත් නැහැ. මේ කිසිම පියවරක් ගන්නෙත් නැහැ.
රට දේශපාලනික ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයක් අරන්. රට අරාජික වෙලා.
ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනයි. ආණ්ඩුව පත්වෙන කොට දුන් පොරොන්දු එකකවත් ඉෂ්ට කරන්නේ නැතිව රටේ ජනතාවගේ බඩට ගහන්න, ජනතාවගෙන් පලි ගන්න කටයුතු කරනවා. ආර්ථික වශයෙන් කෘෂිකර්මය කඩා වැටෙන්න කටයුතු කරල තියෙනවා. කුරුඳු ගොවියාට , ගම්මිරිස් ගොවියා, වී ගොවියා හේන් ගොවියා , ධීවරයා මේ හැම දෙනාටම යන එන මං නැහැ. රුපියල එන්න එන්න කඩා වැටෙනවා. රට ආර්ථිකය අස්ථාවර වෙලා. දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා.
මේ සියල්ලට එරෙහිව ආණ්ඩුවේ ක්‍රියා කලාප නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනාත් එක්කරගෙන සැබෑ විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනා එක්කරගෙන ජන බලය කොළඹට ගේන්න අපි සංවිධානය කරල තියෙනවා.
අපි ආරාධනා කරනවා මේ රටේ අසාධාරණයට ලක්වූ සියලු ජනතාවට මේ විරෝධතාවයට එක්වෙන්න කියලා. රාජ්‍ය දේපල විකුණගෙන කනවා. පටන් ගත්තේ හම්බන්තොට වරායෙන්. මත්තලත් විකුණන්න යනවා. රාජ්‍ය ආයතන හතරක් විකුණන්න කැබිනට් අනුමැතියට දාල කියල ආරංචියි. සෞඛ්‍ය ,තැපැල්, අධ්‍යාපන, දුම්රිය යන ආයතන විකුණන්න හදන්නේ.
මේ සියල් නිසා රටේ ඇතිවෙලා තියෙන අස්ථාවරත්වය නිසා අසාධාරණයට ලක්වූ ජනතාවට ආරාධනා කරන්නේ ආණ්ඩුව පළවා හරින්න එකතුවෙන්න කියලයි.‘‘ යැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.
COMMENTS
අනේ නාමල් මහත්තයෝ, මේ රජයත් එක්ක මහජනතාවට ප්‍රශ්නයක් නැහැ. ඔබලාට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න.
මන්ත්‍රීතුමණි රට හදන්න පෙර ගම හදන්න. ගම හදන්න නම් මිනිසා පූර්ණ මනුෂ්‍යයකු වෙන්න
එදාට නේද අර වහන්නේ නැති උසාවිය පටන්ගන්නේ? ඉක්මනට මොනවාහරි කලේ නැත්නම් පෙරලෙන්න වෙන්නේ තුන් අවුරුද්දක්ම ආණ්ඩුව පෙරලන්න දඟලමින් වයිවාරන්න සැලසුම් තියෙනවා කියල තැන තැන විරෝධතා පවත්වන අයටමයි.
කවුද මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳලම වැඩ ආපස්සට ඇද්දෙ. බලයට පත්වූ ආණ්ඩුවට සතියක් නිදහසේ වැඩකරන්න දුන්නෙ නැත්තෙ. ඇයි සමහරුන් එදා ඉඳලම බලය ගන්න විතරයි හැදුවෙ. ඒ අය වගකියන්න ඕනෙ
ඔයගොල්ලෝන්ව නම් අවුරුදු දෙකකටත් කලින්ම නිකන්ම නිකන් කතිරෙකින් මහජනතාව ගෙදර එලෙව්වනේ.
කතාව ආරම්භයේම පේනවා ජනතාව ගැන ආදරය. කොළඹට එන පාරවල් සේරම වැහුවම මහජනතාව කොච්චර පීඩා විදිනවද?
පීඩාවට පත් ජනතාවනි 17 වෙනිදට එකතුවෙලා ඔබලට වඩා බලය නැතිව පීඩාවට පත්වෙලා ඉන්න දේශපාලකයෝ ටිකකට පොඩි සහනයක් අරන් දෙන්න.
මෙයාල එන්න හදන්නේ අපිට ආදරේට වෙන්න ඇති.
දැන් ආණ්ඩුව ගෙදර යවලා පරණ සෙට් එකම ගෙනෙන්නද මේ මන්ත්‍රී තුමා හදන්නේ? මේ අවුරුදු 3 ට අපි මැරිලා උපන්නේ නැහැ මන්ත්‍රීතුමා.
ඇයි ආණ්ඩු පන්න පන්න ඉන්නවා ඇරෙන්න වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැද්ද ? නරකද පෙරකදෝරුකම වත් හම්බ කරගන්න පාවිච්චි කළා නම්.
අපොයි මෙයාලගේ වැඩ නිසා අපි ණය ගෙවනවා.
ජනතාවට මේ තරම් හිරිහැර වුණේ ඔයාල ලොකෙන් ණය අරගෙන හොරා කාපුව මේ ආණ්ඩුවට ගෙවන්න වුණු නිසා.ඔයාගෙ තාත්තටයි බාප්පටයි චීනෙන් දුන්නු පගාවටත් පොලී ගෙවන්නෙ අපිනෙ
අම්මප, මේ මිනිසුන්ගේ තන්හාවේ සීමාවක් නැද්ද?
දැන් කී සැරයක් අද පෙරලනවා හෙට පෙරලනවා කිව්වද? පෙරලුවද, පෙරලුවද, පෙරලුවද? නිකන් බයිලා කියන නැතුව ඉන්න.
ඔයාලත්, අපිත් රටත් එපා කියලා ඇමරිකාවට පැනලා ගිය බාප්පා ආපහු ගෙන්නගෙන ලොකු පුටුවක වාඩිකරවල හැමදෙයක්ම දීලා ජනප්‍රිය කරවලා දැන් එයාට ඔටුන්න පලන්දවන්න ඔච්චර මහන්සි වෙන්න එපා. යහපාලන කාරයෝ වගේ නෙමෙයි බලතණ්හාවට එයා ඔයාලා රොත්ත පිටින් කූඩු කරනවා.
කෙල්ලනේ එකතුවෙන්න. නිල් බලකායෙන් ජොබ්.. හොඳම අයට නම් ජොබ් දෙකක්ම..
නොදන්නා කමට අහන්නේ. ආණ්ඩුව ගෙදර යවලා කවදාද ආණ්ඩුවක් හදන්නේ. හිටපු ආණ්ඩුවේ ඇත්තන්ගේ නඩුත් තවම අහන්න පටන් ගත්තේ නැහැ. පකිස්තානයේ හිටපු අගමැති, මැලේසියාවේ අගමැති නම් හිරේ.
ගාල්ලේ පාල,.. ආණ්ඩුව ඇවිල්ලා සතියක් යන්න ඉස්සෙල්ලා මහබැංකුවට ගේම දුන්නනේ. ඉතින් කොහොමද වැඩක් කරන්නේ? තමුන්ගේ මොලේ තැලිලා ඇති ඔය ඉන්න බැංකුවෙන් නැගිටින්න.
මෙයා කියන විදියට වැඩ කරන්න ගිහින්ද කොහෙද යසට හිටපු දේශපාලකයෙකුට ගෙදරම යන්න වුනේ. දේශපාලක සටන් දියත් කරන්න අපුරු මොල පොඩ්ඩ!
ඕනේ උද්ගෝෂණයක් අගෝස්තු මාසේ ඉවර වෙලා තිබ්බොත් හොදයි, මොකොද උසස් පෙළ ලියන අපේ දරුපරපුර ගැන හිතලා.
ඔබට උදව්වට මම එක වචනයක් කතා කරන්නේ නැත