ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ආචාර්ය එස්.එම්.එම්.ස්මයිල් මහතා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතා ඉදිරිපිට දී අද (8) දිවුරුම් දුන්නේය.
ඔලුවිල් විශ්ව විද්‍යාලයේ හිටපු ආචාර්යවරයකු වන ස්මයිල් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකි.
නව මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් පසු සභා ගැබේ විපක්ෂයේ ඇති එජාප පසුපෙළ අසුනක අසුන් ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුවිල් විශ්ව විද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන අවභාවිත කිරීමේ චෝදනාවට ලක් වු ආචාර්යවරයෙක් එජාප නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය. මෙම ආචාර්යවරයා විශ්ව විද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම විදුලිබිල් ගෙවීම ආදි චෝදනා මත කෝප් කමිටුව විසින් පරීක්ෂණ පවත්වන බව පැවසු අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක් නිකුත් කර ඇතැයිද කීවේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ද මෙම තැනැත්තාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද එවැනි පුද්ගලයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එක්සත් ජාතික පක්ෂය යටතේ දිවුරුම් දීම එම පක්ෂයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බවද සඳහන් කළේය. ඔලුවිල් විශ්ව විද්‍යාලය තුළ මහා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම දිගින් දිගටම සිදු කරන බවද ඇමැතිවරයා කීය. උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඔලුවිල් විශ්ව විද්‍යාලයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකදී තමාට මෙම කරුණු අනාවරණය වු බව කී ඇමැතිවරයා ඒ අනුව පරීක්ෂණ සිදු කරන බව
දැන් බැලුවාම මහජන සේවයට පැමිණෙන අහන අහන පුද්ගලයෙක්ම රට විනාශ කරන දූෂිතයෙක්........ කාවද අප පුරවැසියන් හැටියට විස්වාස කරන්නේ ???????????
දැන් බැලුවාම මහජන සේවයට පැමිණෙන අහන අහන පුද්ගලයෙක්ම එක්කෝ තක්කඩියෙක් , නැත්නම් රට විනාශ කරන පුද්ගලයෙක්.... කවුද? කාවද ? අප පුරවැසියන් හැටියට විස්වාස කරන්නේ ???????????
රටට අබ සරණයි .
යමක් වේ නම් එය සුදුස්සාටම ලබාදිය යුතුය. සුදුසුකම් සපුරා ඇති බව උසස් අධ්‍යාපන ඇමතිතුමා පවසයි.