IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය සමන් කැලේගම දිවි සැරිය නිමා කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23) අභාවප්‍රාප්ත විය. 
මිය යන විට 58 වැනි වියේ පසුවූ ඒ මහතා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු විය.
ආචාර්ය සමන් කැලේගම මහතා  කොළඹ රාජකීය සහ කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඉන්දියාවේ කාන්පූර්හි, ‘ඉන්දීය තාක්ෂණික ආයතනය’ (අයි.අයි.ටී) හිදි 1983 වසරේදී තම ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේය.
ඒ මහතා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශාන්ත කැතරින් පාසලෙන් ආර්ථික විද්‍යා විෂයෙන් 1985 වසරේදී විද්‍යාපති උපාධියත් 1990 වසරේදී ආචාර්ය විද්‍යා උපාධියත් ලබාගත්තේය. 
ජාතික විද්‍යා පදනමේ අධිශිෂ්‍යත්වලාභියකු වන ආචාර්ය සමන් කැලේගම මහතා 1999 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. 
කාර්මික සංවර්ධනය මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජනාධිපති බදු කොමිෂන් සභාව, ජාතික ආර්ථික කවුන්සිලය, ජාතික සංවර්ධන භාර අරමුදල, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, සාධාරණ වෙළෙඳාම පිළිබඳ කොමිෂන් සභාව, මානව සම්පත් සංවර්ධන කවුන්සිලය, ආදිය ඇතුළු ආණ්ඩුවේ විවිධ මණ්ඩල, කමිටු හා අධ්‍යක්ෂක මණ්ඩල කිහිපයක තනතුරු හා සාමාජිකත්වය දැරීය. 
ඉන්දු - ශ්‍රී ලංකා පූර්ණ ආර්ථික සහයෝගීත්ව ගිවිසුම සම්බන්ධයෙන් පත්කළ ඒකාබද්ධ අධ්‍යයන සමූහය, කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ කමිටුවේ ද සාමාජිකයකු වූ ආචාර්ය සමන් කැලේගම මහතා කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන, පෞද්ගලික අංශයේ සමාගම් හා සංවිධානවලද තනතුරු හෙබවීය. 
ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදයකු සහ ප්‍රතිපත්ති උපදේශකයකු වූ ආචාර්ය සමන් කැලේගම මහතා ආර්ථික විද්‍යා විෂයයේ පුළුල් තේමා රැසක් යටතේ ජාත්‍යන්තර ජර්නල, සඟරා ආදියට ලිපි සපයන්නකු ද වූ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයෙන් කෘති රැසක් ද සම්පාදනය කර තිබේ. 
 



අදහස් (2)

ආචාර්ය සමන් කැලේගම දිවි සැරිය නිමා කරයි

PITIGALA MILANO Saturday, 24 June 2017 05:22 AM

ඉන්දියාවට කඩේ යන තව කීපදෙනෙක් ඉන්නවා වගෙයි ඔය ගමන යන්න. ඒ ඔක්කොම එකතු වුණ දවසට අපායේ ජොබ් ටිකත් ඉන්දියාවට දෙන්න හදයි. යමරජතුමනි!!! මේ ඔබේ අවධානය පිණිසයි...

:       1       0

Lal Sunday, 25 June 2017 03:31 AM

පිටිගල මිලානෝ ඉන්දියාවට කඩේ යන අය ඔය ගමන යන්න ගත්තොත් මුළු ලංකාවෙම ඉන්න අයට යන්න වෙයි, ඔහෙත් එක්කම. ඔහේට වැඩිය විශාල යමක් සමන් මහතා ලංකාවට කරලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා
2024 පෙබරවාරි මස 29 64 0

අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි
2024 පෙබරවාරි මස 29 373 0

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිව


රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්
2024 පෙබරවාරි මස 29 1595 0

මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජ


ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 29 120 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06ව


එච්.අයි.වී ආසාදිතයින් ඉහළට
2024 පෙබරවාරි මස 29 615 0

එච්. අයි. වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.


රටපුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයෝ කොළඹට එති
2024 පෙබරවාරි මස 29 302 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විහ්වවිද


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 410 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 348 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 336 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site