(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමේ ලිපිය මේ සතියේදී ජනාධිපතිවරයාට යවන බව එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීප‘‘ යට පැවැසූහ.
ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව ඉදිරීයේදී ජනාධිපතිවරයා පෞද්ගලිකව මුණගැසී කරුණු පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ කීහ.
ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වීමට ගත් තීරණය අතුරලියේ රතන හිමියන් පළමුවරට රටට දැනුම් දුන්නේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ඉකුත් 28 වැනිදා පස්වරුවේ පැවැති ශ්‍රි ලංකා කාන්තා සංවර්ධන සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සර උත්සවයේදීය.
‘‘මගේ නමට ඉදිරියේ තනතුරක් තියෙනවා.ජනාධිපති උපදේශක කියලා.නමුත් මගෙන් ගත්තු උපදේශයක් නෑ.මට ලැජ්ජයි මගේ නම කියනකොට .ජනාධිපති උපදේශකකමට මින් ඉදිරියට මගේ සම්බන්ධයක් නෑ.‘‘ රතන හිමියෝ එහිදී එසේ පැවැසූහ.
COMMENTS
හොඳ වෙලාවට කිසිම උපදේශයක් අරන් නැත්තේ... නැත්නම් මේවා පිස්සු ඩබල් වෙලා තියෙයි.
අවසරයි අපේ හමුදරුවනේ.. කෝච්චිය ගියාට පස්සේ දුම්රිය ස්ථානයට වැඩියට ප්‍රතිඵලයක් තියේවිද?
හාමුදුරුවනේ, උපදේශක කමක් දෙන්නේ, බාර ගන්නේ කුමක් හෝ විෂයයක ප්‍රවීනයෙක් වුනා ම නේද? කරන්න බැරි දේ බාර ගත්තෙත් අපිට කියලද?
දාම බේරගන්න ආඳා සංකල්පය දාලා ලිස්සනවා.
නෑ... ඇත්තද? හිතාගන්නත් බැහැ. මේ දැන් ලංකාවේ මිනිස්සු මේ හාමුදුරුවන්ගේ අස්වීම ගන්න එපා කියලා පාරට බහීවි නේද? හරිම තීරණාත්මක සිද්ධියක්.. හාමුදුරුවනේ... අපේ උතුම් ආගම වෙනුවෙන් කඩේ ගියාට ජනතාව ඔබ වහන්සේ සමග හිඳීවි..
හරි හොඳ තීරණයක්... දැන් ඉතින් ඔබවහන්සේට පිනක්, දහමක් කරගෙන සැබෑ පැවිදි ජීවිතයට පිවිසෙන්න පුළුවනි නේ...
පහුගිය අවුරුදු 3 ඇතුළත රටට අහිතකර කොතරම් තීන්දු තීරණ ගත්තද? එතකොට කොහෙද ඔබවහන්සේ හැංගිලා හිටියේ..? අන්තිම මොහොතේද මේවා මතක් වුනේ? අද රටට වෙලා තියෙන විනාශයට ඔබත් හවුල්කරුවෙක්...
අන්තිමට හරි... හරි තීරණයක් ගත්තු එක ලොකු දෙයක්....
ඔය පැවදිකමත් මන්ත්‍රිකමත් දෙකම ඉල්ලා අස්කරගත්තා නම් අඩු තරමින් ශාසනයටවත් වැඩක් වේවී. තීරුබදු රහිත වාහනය විකුණා ගත්තා මන්ත්‍රින්ට හිමි සියලු දීමනා අරගන්න බොරුව ට බණ දේශනා කරනවා. ඔය පිං මන්ත්‍රි කම දුන්නේ එ.ජා.ප ජාතික ලැයිස්තුවෙන් නේද?
එක හොඳයි සත පහක වැඩක් නැහැ
මේක 2019 ජනාදිපතිවරණය ඉලක්කකල වැඩසටහනක හොද ආරම්භයක්. මේ පාර රැවටෙන්න එපා මේ ලණුවලට..
පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න දේශපාලනයට නම් එන්න එපා , මොන පැත්තට කරනම් ගහයිද දන්නේ නැහැනේ