IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අසරණ පවුලකට ඩිල්ෂාන්ගෙන් නිවසක්

(තුසිත කුමාර ද සිල්වා)

හිටපු  කි‍්‍රකට් නායක තිලකරත්න දිල්ශාන් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අලූත්ගම, දර්ගා නගරයේ පුවක්වත්ත ප‍්‍රදේශයේ ඉදිකරන ලද අංග සම්පුර්ණ නිවස නිවැසියන්ට භාරදිම පසුගියදා සිදු කළේය.
 
බෙන්තර බෝධිමඵව ප්‍රදේශයේ ඉටිරෙදි ආවරණය කරන ලද තාවකාලික නිවසක ජිවත්වු සංචාරක හෝටලයක සුඵ සේවකයෙක් ලෙසින් සේවය කරන දෙදරු පියෙක්වු අමිල දිනේෂ් ප‍්‍රනාන්දු මහතා ඇතුඵ දරු පවුලට  මෙම නිවස පරිත්‍යාග කළේය.
 
 සංචාරක ව්‍යාපාරික හා සමාජ සේවකයෙක්වු පි. ඒ. රත්නසිරි මහතාගේ සමිබන්ධිකරණයෙන් ඉදිකළ මෙම නිවස සදහා රුපියල් ලක්‍ෂ 13 කට අධික මුදලක් වැයවි ඇති අතර නිවසට අවශ්‍ය රුපියල් ලක්‍ෂ හතක් පමණ වටිනා ගෘහඋපකරණ ලබාදිමටත් අවුරුදු 7 ක් සහ එක හමාරක් වයසැති දරු දෙදෙනා හට පාසල් අධ්‍යාපනය නිමවන තෙක් සියලු වියදමි දැරිමටත් තිලකරත්න මහතා මෙහිදි පොරොන්දු විය.
 
 මේ පිළිබඳව  අදහස් දැක්වු නිවාසලාභි අමිල දිනේෂ් ප‍්‍රනාන්දු මහතා: මමත් බිරිද සහ දියණියන් දෙදෙනා ජිවත්වුණේ බෙන්තර බෝධිමඵව ප‍්‍රදේශයේ ඉටිරෙදි ආවරණය කළ  තාවකාලික නිවසක. අපි ඉතා දුක්බර ජිවිතයක් ගතකලා. නිවස ලබාදුන්න දිල්ශාන් මහතාටත් සමිබන්ධිකරණය කල රත්නසිරි මහතාටත් පිං යනුවෙන් පැවසිය.
 
 අදහස් දැක්වු තිලකරත්න දිල්ශාන් මහතා -
 
අසරණ පවුල් වෙත පිහිටවිම තමයි මම බලාපොරොත්තුව කැමති ඕනෑම කෙනෙක්ට 077-7152847 මගින් මම ගෙනියන ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න පුළුවන් යනුවෙන් පැවසිය.



අදහස් (11)

අසරණ පවුලකට ඩිල්ෂාන්ගෙන් නිවසක්

chamath Wednesday, 27 November 2019 08:37 AM

ජය වේවා දිල්ෂාන් හොඳ වැඩක්...

:       0       279

athuraWednesday, 27 November 2019 10:22 AM

හොද වැඩක්. මහ මැතිවරණෙට ආවොත් ඡන්දෙත් දෙන්න. මෙයා උගත්.

:       10       21

Arshad Wednesday, 27 November 2019 09:21 AM

ඡන්දෙ ළඟ නිසා වෙන්න ඇති. මුල මතක නැති අය...

:       223       22

lanka Wednesday, 27 November 2019 09:24 AM

හොඳ දෙයක් මහත්තයෝ... ලොකු පිනක්...

:       2       79

mohan Wednesday, 27 November 2019 10:14 AM

දිල් කොහොමත් උදව් කරනවා නැති බැරි අයට. වැඩි වැඩියෙන් ලැබේවා !

:       11       19

Raveendra Wednesday, 27 November 2019 10:33 AM

බොහොම හොද වැඩක්. අප මෙය ඉහලින්ම අගය කරන්නෙමු. මොහුගේ පුද්ගලික ධනයෙන් මෙසේ නැති කෙනෙකුට උදව් කිරීම ඔහුට මෙන් ඔහුගේ පවුලේ සැමට යහපතක්ම වේවා !! දිල්ශාන් මහත්මයාට වැඩි වැඩියෙන් ලැබේවා !!!

:       17       23

ගගන Wednesday, 27 November 2019 10:37 AM

හැබැයි අර අල්ලපුගෙදර පිහිනුම් තටාකයට යොමුකරලා තියෙන කැමරාව ගැලෙව්වොත් ඒකත් හොඳ ක්‍රියාවක්...

:       336       19

fairoos Wednesday, 27 November 2019 11:44 AM

බොහොම හොඳ වැඩක්.. කීප් ඉට් අප්..!!! 

:       0       0

sanju Thursday, 28 November 2019 09:20 AM

බෙන්තර අපේ ගම... මෙතුමා මීට කලින් ගොඩක් ඔය වගේ වැඩ කරලා තියනවා. ප්‍රසිද්ද වුනේ නැහැ. ප්‍රසිද්ධ කරෙත් නැහැ. නිහතමානී පුද්ගලයෙක්.. ඔබ වැනි අය රටේ ඉදිරියට යා යුතුයි.

:       0       0

K G RENUKA DAMAYANTHi Saturday, 15 January 2022 01:12 AM

මට ළමයි දෙන්නෙක් ඉන්නවා , මගේ මහත්තයා නැති උනේ දෙසැම්බර් 11 .මගේ පොඩි බබාට මාසයයි . මටයි ළමයි දෙන්නටයි ඉන්න තැනක් නැහැ.මගේ අම්මයි තාත්තයි නැති උනා.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මටයි ළමයි දෙන්නාටයි ඉන්න තැනක් නැහැ ,මගේ ලොකු ළමයා ආභාදිතයි ,උදවුවක් කරන්න .ගොඩක් පින්

:       0       0

තලතා කුමාරි දසනායක Monday, 17 October 2022 06:09 PM

ඔබට මගේ ප්‍රණාමය... මෙවැනි තවත් පවුලකට උපකාර අවශ්‍යයි. උපකාර කළ හැකි නම් මා සම්බන්ධීකරණය කරන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site