(රංජන් කස්තුරි)
අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය 40%කින් පමණ අඩුවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමය පවසයි.
අල, ලූනු, පරිප්පු, ලොකු ලූනු, සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමාණය ඉකුත් වසරවල අවුරුදු සමයට සාපේක්ෂව අඩුවී ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසීය.
සාමාන්‍යයෙන් අවුරුදු සමයේ දී ලොකු ලූනු බහාළුම් 600ක් පමණ අලෙවි වන නමුත් මෙවර අලෙවි වී ඇත්තේ බී ලූනු බහාළුම් 400ක් පමණ වන අතර වෙනත් වසරවල සුදු ලූනු බහාලුම් 30ක් පමණ අලෙවි වන නමුත් මෙවර අවුරුදු සමඓය බහාළුම් 20 දක්වා අඩුවී තිබෙන බවද ඔහු කීය.
COMMENTS
මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවකි . මිනිසුන් සත්‍ය අවබෝධ කරගෙන ඇත.
මුදල් වලින් සාක්කු පුරවමු
මේවා ඉතින් රවී මහත්තයාගේ වැඩ තමයි. 2015 ජනවාරියේ තිබුන බදු මිල ගත්තම අඩුවෙලා තියෙන්නේ පෙට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් සහ බෙහෙත් වර්ග විතරයි. අනෙක් ඔක්කොම සෑහෙන්න වැඩි වෙලා...
කෑම ගන්න කෝ මිනිස්සුන්ගේ අතේ සල්ලි, මිනිස්සු ඉන්නේ වේලක් කාලා වෙල් දෙකක් නොකා....
පේනවනේ ආර්ථික වර්ධනය කොහොමද? කියල. ගෙදර ලිප තමා දන්නේ යහපලනේ තරම....