(නිමල කොඩිතුවක්කු)
පවතින විදුලි අර්බුදය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් ඒ සඳහා සහාය දක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රවී කරුණානායක මහතා මෙම අදහස් පළකලේ, මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ නව පාසැල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (03) එක්වෙමිනි.
මෙරට විදුලි පද්ධතියට 2010 වසරේ සිට මෙගාවෝට් එකක්වත් ජනනය කිරීමේ ක‍්‍රියාදාමයට එක්වී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා නිසි වෙලාවට තීන්දු තීරණ ගනිමින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් මගින් ඒ සඳහා අවශ්‍ය විසදුම් ලබා දෙන බවත් සඳහන් කළේය.
COMMENTS
හොඳයි...........
ඔයා යන තැන ඉවරයි. ගද ගහනවා. අපි පුදුම දුකක් විදින්නේ හලෝ අපේ දරුවොත් එක්ක.ඇමැතියන්ගේ රූප දකිනකොටම පුදුම ආදරයක් ඇතිවෙන්නේ. ඒ වෙලාවට ඒ අයගේ පරම්පරාවත් ටිකක් විතර මතක් වෙනවා.දැන් අකුණු ගහන මාසේ ඇවිල්ලා තියෙන්නේ හරිද .
මෙරට විදුලි පද්ධතියට 2010 වසරේ සිට මෙගාවෝට් එකක්වත් ජනනය කිරීමේ ක‍්‍රියාදාමයට එක්වී නොමැති නම් ඒක කාගේ වරදද?
හරි හරි බොස්... බස්සලා ආවනේ.. දැන් ඉතින් රට ඇතුලේ බලාගාර වහලා මේකෙන්ම සප්ලයි කරයි.. ගන්න යුනිට් ගානටනේ කුට්ටිය කැපෙන්නේ.. මේ පාර ගේ කොහෙන් ලැබෙයිද සර්?
අවුරුද්දකින් අවසන් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපට තේරෙන විදිහට එහෙම වෙන්නේ නැහැ.
එහමනං තෑගි ලැබිල ඇති. පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගන්න අවසරත් ලැබුණ නේ. රටේ කරුවලේ වුනත් මෙයා ගොඩ.
තියන්නකෝ තව ඡන්දයක්. අපිටත් පුළුවන් ඔය අර්බුදය අවසන් කරන්නට.
ටාගට් කවර් ඇති...
එතකොට 2011 ඉදලා මෙගාවොට් 300 ගානේ 2014 වෙනකන් මෙගාවොට් 900 ක් නොරොච්චෝලෙන් එකතුවුනේ
මේ පාර මොන මිලේනියම් එකෙන්ද ගෙවල් හම්බවෙන්නේ? ඒක ඉතින් අහන්න ඕනේ නොනාගෙන්නේ. මට අමතක උනා. මට කොහොමත් මතක නැහැනේ. අම්මප ලංකාව විතරයි එකම රට හොරකන් කරන්න කරන්න හොරකම් කරන්න අවස්ථාවන් හදල දෙන්නේ. මේකෙන් පස්සේ මොන අමාත්‍යංශය දේවිද මෙයාට? මෙයා හොඳට දන්නවා පාලනය කරන්න.
රෑ 9.00 ඉඳලා 10.00 වෙනකන් අපිට ලයිට් කපනවා. එහෙම කපන්න එපා.
හොඳටම ෂුවර්ද ඔබතුමා දැන් ඉන්න ගෙදර ජෙනරේටර් මාෆියා කාරයකුට හිමි එකක් නොවේ කියලා... ?
ඇමතිතුමෝ අපට මොකුත් එපා... සෝලාපැනල වලට ගහන බද්ද ඉවත් කරන්නකෝ... එතකොට අපි ඒවා අපේ ගෙදරට සවි කරගන්නවනේ... එතකොට ඔය අර්බුදේ ඉවරයිනේ...
ගිය තැන ඉවරයි. බටගොඩයටත් නියම කෙනා සෙට් වුනේ.
මෙයාගේ පැන්ෂන් ගිය පොලිස් මස්සිනාව සභාපතිකමට දා ගෙන ගජරාමෙට කොමිස් ගහනවා. යන යන හැම රාජ්‍ය ආයතනයක්ම හොරකම් කරලා බංකොලොත් කළා. කුඩුකාරයන්ට ඉස්සෙල්ලා එල්ලන්න ඕනෑ මේ අයව...
එතකම් අපි ජීවත් වෙලා හිටියොත් හොඳටම ඇති.
සුමිත් මහත්මයා කියන විදිහට බදු නොගහ සොලාපැනල් සවිකරලා අර්බුදය විසඳුවොත්, ඇමතිවරු, නිලධාරියෝ කොහොමද කොමිස් ගහගන්නේ? අර්බුද තිබෙන තරමටනේ ඒ ගොල්ලන්ගේ හොද්ද බොර, නැත්නම් පරිසර හිතකාමී ඉන්ධන අඩුවෙන් දහනය වන, හයිබ්‍රිඩ් රථ වලට අමතර බද්දක් ගහවිද?
මේ කියන බොරු අර ලක්ෂ 62 කිව්ව නම් හොඳයි .. මොකද හැමෝම තණකොළ කන්නේ නැහැ.. 2010 ඉඳන් මේ වෙනකොට අලුත් බලාගාර කීපයක්ම එකතු වුනා. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ වගේ ඒවගෙන් මෙගාවොට් 1000ට වැඩිය එකතු වුණා.. කිසිම දෙයක් කරගන්න බැරුව වටේට බැන බැන ඉන්නවා. නොරොච්චෝලේ නැත්තම් අද මුලුරටම අඳුරේ...
හුරේ... අපේ රවී අයියාට ජය වේවා!!! හැබැයි අර තමන්ගේ කුඹුරේ තියෙන පැල්කොටේ අමතක වුණා කියලා කිව්වා වගේ මේකත් අමතක කරන්න හිතුවොත් මේ ගොයියාගේ අහිංසක ආදරණීය මෑණියන්දාට සතියේ දවස් හතම කොත්තමල්ලි, පස්පංගුව තම්බ තම්බා බොන්න වෙයි. පව්නේ අහිංසක අම්මෙක්නේ...
ලෝක හොරු
ග්‍රහයාගේ වයිෆ්ට අලුත් ගෙයක් හම්බවෙලා ඇති.
අනේ ඇත්තද? දැන් දන්නා බැරි මොකද දන්නේ නැහැ නේද!.
සියල්ලටම පළමුව කියන්න ඔබ භාරයේ තිබෙන උතුරු කොළඹට ඊයේ විදුලිබලය කප්පාදු නොකෙරුවේ ඇයි කියලා. ඔන්න අදතමයි පළමු වතාවට විදුලිය කප්පාදු කෙරුවේ. හම්බයෝ දෙමල්ලු ඉන්නකම් ඔහේ ඡන්දෙ දිනාවි...