IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලි 7 දෙනාගේ මරණයට හේතුව දියේ ගිලී හුස්ම හිරවීමයි

කග කරුණාරත්න

 

පෙරියාරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී හමුවූ අලි 7 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු  අලි මරණ වලට හේතුව දියේ ගිලී හුස්ම හිරවීම බවට නිගමනය කළහ.

මියගිය අලින් අතර පිරිමි සතුන් තිදෙනකු සහ ගැහැණු සතුන් සිව්දෙනකු සිටි බවත් ඒ අතර තිදෙනකු කුඩා පැටවුන් බවටද හඳුනාගෙන තිබේ.

අලි රංචුව මේ අකරතැබ්බයට මුහුණපාන්නට ඇත්තේ පසුගිය 28 වැනි දා පමණ වන්නට ඇතැයි ද වනජීවී පශු වෛද්‍ය නිලධාරිහු සඳහන් කළහ.

මේ අන්දමට අලින් වැඩිම ගණනක් මෙසේ මඩේ එරී මියගිය සිදුවීමක් පිළිබඳව මෑත කාලයේ වාර්තා වී නැතැයි වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කලිඟු ආරච්චි මහතා අප කළ විමසුමකදී කියාසිටියේය. 

මියගිය අලින් 7 දෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන ජයසිංහ සහ ත්‍රීකුණාමලය පොළොන්නරුව කලාප භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමීර කලිඟු ආරච්චි යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබීය.



අදහස් (3)

අලි 7 දෙනාගේ මරණයට හේතුව දියේ ගිලී හුස්ම හිරවීමයි

appuhami Tuesday, 04 September 2018 07:53 AM

මට නම් මේකේ සැකයක් තියෙනවා! අලි කියන්නේ මෝඩ සතුන් කොටසක් නොවේ එකපාර රංචුවක් ම එරිල මැරෙන්න. එහෙනම් ඔහොම ඒවා ගොඩක් වෙන්න එපැයි. වගාවන් බේරා ගන්න කවුරු හරි වහ දුන්න වෙන්න බැරිද?

:       30       166

මොට්ටහාමි Tuesday, 04 September 2018 10:12 AM

අප්පුහාමි තරම් මෝඩ නැහැ. එච්චරම මොළෙත් නැහැ

:       0       1

lakmal Tuesday, 04 September 2018 09:27 AM

මේ සත්තුත් අවාසනාවන්තයි රටේ ඉපදෙන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 419 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site