IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අල්ලස් නඩුවේ අධි චෝදනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවට

(නිමන්ති රණසිංහ)
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසමුදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා වූ පියදාස දිසානායක යන මහත්වරුන් සම්බන්ධ අල්ලස් නඩුව ස්ථිර ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමට අධිචෝදනා ගොනුකිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නිර්දේශ ලබා දී තිබේ.
 
මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කර ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම සදහා අවසරය ලබා දෙන ලෙසට අල්ලස් කොමිසම අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නිර්දේශය ලබා දී ඇත.
 
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20  ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළ වූ මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම අගවිනිසුරුවරයාගෙන් මෙම නිර්දේශ ඉල්ලා තිබිණී.
 



අදහස් (1)

අල්ලස් නඩුවේ අධි චෝදනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවට

Mahee Wednesday, 12 June 2019 09:41 AM

ඒ දෙන්න ඔය සල්ලි කන්දරාව තනියම ගෙදර ගෙනිච්ච කියල හිතන්නේ නෑ මම නම්. ඕක සල්ලිවලින්ම අරන් ගණන් කර ගන්නවත් බැරුව අර කාර් එකක ඉන්න වෙලාවේ අල්ලගත්ත කියලනේ පත්තරවල තිබුනේ. ඉතින් සල්ලි මිටියක් ගැන ගන්නවත් බැරි අය කොහොමද ඔච්චර දෙයක් කොරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site