(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොළොන්න සමෘද්ධි බැංකුවෙන් රුපියල් පහළොස් දහසක ණය මුදලක් අයදුම්කළ සමෘද්ධිලාභියෙකුට එය ලබාදීම කඩිනම් කිරිම සඳහා රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දහසක් ගනිද්දී පසුගිය සෙනසුරාදා (16) අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරයෙක් මේ මස 20දා තෙක් රිමාන්ඞ්භාරයේ තැබීමට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියම කළේ ය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ කොළොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන පෝරුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී ජී. විජේරත්න යන අයයි.
කොළොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සමෘද්ධි බැංකුව අසලදී මෙම අල්ලස් මුදල ලබාගනිද්දී අල්ලස් හෝ දුෂණ මර්ධන කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන තිබුණි.
ඒ අවස්ථාවේ සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරියා එම රුපියල් දහසේ මුදල් නෝට්ටුව ගිල දැමීමට උත්සාහ ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් සමෘද්ධි නිලධාරියා 20 දක්වා රිමාන්ඩ්
Jayasiri Sunday, 17 June 2018 09:46 AM
මේ දුන් දඬුවමට අනුව ඒවා උපරිම විය යුතුයි.
Sanath Sunday, 17 June 2018 12:45 PM
රුපියල් 1000 ක සන්තෝසමක් ගත්තු සමෘද්ධි නිලධාරියා හිර කූඩුවේ ඒ වගේ තුන්දහස් ගුණයක් ගත්තු නියෝජ්‍ය ඇමති රජ සැප විඳින ගමන් පොර ටෝක්ස් දානවා.
Lapaya Sunday, 17 June 2018 01:00 PM
ළූණු කිලෝ ගාණක් අහුවෙලා. ළුෑණු බිකක් අහුවුණානම් බේරිලා ඉන්න තිබුණා. ගන්න කෙනා කෝටි ගණන් වලින් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.