IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 රුපියල් 8000 ක අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙයින්දර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ දී  අද  (12)  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම  අත්අඩංගුවට ගත් බව එම කොමිසම කියයි.
 
මුලටියන ප‍්‍රදේශයේ සිසුවියක්  දෙයියන්දර  මධ්‍ය මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත්  කිරීම සදහා විදුහල්පතිවරයා සිසුවියගේ  මවගෙන් රුපියල් 15000 ක  අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
 
  එම 15000 ක මුදලින්   රුපියල් 7000 ක මුදලක් ඉකුත් 10 වැනි දින  සැකකරු පැමිණිලිකාරියගෙන්  ලබාගෙන ඇති බවද  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
 
ඉතිරි මුදල වු රුපියල් 8000  රැගෙන  අද  පෙරවරුවේ කාර්යාලය පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා දැනුම් දී ඇති අතර පැමිණිලිකාරිය සිද්ධිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබුණි.



අදහස් (6)

අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

Baba Tuesday, 12 March 2019 10:59 AM

මිලියන වලින් අල්ලස් ගන්නකොට ඒ අයව අත්අඩංගුවට ගන්නේ නැහැ. අනික මේක ප්‍රවෘතියක් වෙලා.

:       0       8

Chathura Tuesday, 12 March 2019 11:06 AM

ලංකාවේ අද වන විට අල්ලස හා දුෂණය නැති තැනක් සොයා ගැනීමට අපහසු වී ඇත. පාසල් තුලටද මෙය ව්‍යාප්ත වීම ඉතා කණගාටුදායක තත්වයකි. මේවාට වගකිවයුත්තෝ කවුරුන්ද ? මේ රට අනාගතයේ කවර තත්වයකට පත්වේද යන්න හිතාගැනිමටවත් නොහැකිය.

:       0       8

Bandula. Tuesday, 12 March 2019 11:34 AM

වැඩේ පොඩි වුනත් අල්ල ගත්ත එකනම් වටිනවා ඒත් මට හිතෙන්නේ බැදුම්කර වගේ අය නිදැල්ලේ ඉන්නේ එකට මොකද කරන්න යන්නේ?

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 12 March 2019 12:35 PM

ගොඩේ ඉස්කෝල වලටත් ළමයි දාන්න දැන් කාලේ අල්ලස් දෙන්න ඕනද?

:       2       2

rocky Tuesday, 12 March 2019 01:24 PM

බබෙක් වගේනේ කතා කරන්නේ. මේකත් හොඳ ප්‍රවෘත්තියක් තමයි. පගාව නම් ගණන කෝච්චර වුනත් එකේ වෙනසක් නැහැ. පගාව පගාවමයි. මේක විශේෂයෙන්ම සමහර විදුහල්පතිවරුන්ගේ අමතර ආදායම් මාර්ගයක්.

:       0       37

භාරත ගුණතිලක Wednesday, 13 March 2019 12:47 AM

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට දකුණේ අල්ලස් මාෆියාවට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තියෙනවා. ඔහු අල්ලස් මාෆියාවට ප්‍රසිද්ධියේ අභියෝග කළා. විදුහල්පතිවරු දෙන්නෙක් අල්ලලා දුන්නා. මුළු දකුණේම පාසල්වලට අල්ලස් ගැනීමට එරෙහිව පෝස්ටර් ගසා තිබෙනවා. මිනිස්සු අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. මහජන සහාය නැතිව අල්ලස් නැති වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site