IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අල්ලස් ගත් පශු සම්පත් සභාපති -ගිණුම් සහයක රිමාන්ඩ්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

මැල්සිරපුර ගොවිපොලේ අවන්හළ කුලී පදනම මත ලබාදීම සඳහා කටුගස්තොට ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 6ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගන්නා ලද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නියම කළාය.

සැකකරුවන් දෙදෙනාට අදාළව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සහතික අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන තවදුරටත් සිදුකරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා එලෙස රිමාන්ඩ් බාරයට පත් කළාය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 06ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලද බව කියමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොටහේන ප‍්‍රදේශයේ පදිංචි ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තු විනයාගම් සහ රක්වාන ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු වන කදිරේසු සිවනේෂන් නමැත්තන් මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරී සැරයන් බණ්ඩාර මහතා කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බව දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු සැකකරුවන් එතෙක් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලීමක් ද කළහ.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් සැකකරුවන් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත‍්‍රාත්වරිය සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණවල ප‍්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.

 

 

 



අදහස් (0)

අල්ලස් ගත් පශු සම්පත් සභාපති -ගිණුම් සහයක රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site