(නිමන්ති රණසිංහ)

කුඹුරු ඉඩම් කොටසක භුක්තිය සදහා නිත්‍යානුකූල අවසරය ලබා ගැනීමට කටයුතු කර දීමට රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා එය රුපියල් 5000කට අඩුකර ලබාගත් බව කියන අම්පාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජනපද නිලධාරීවරයකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (24) නියෝග කළේය.  

තමාට උරුමයෙන් ලද බිම් කොටසකට යාබදව තිබූ ගොවි බිමක වගා කටයුතු කරමින් සිටින අතුරතුර ඒ ගැන තම සහෝදරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කළ පැමිණිල්ලක් හේතුවෙන් එය විසදා ගැනීම සහ නැවත එම බිම් කොටස තමාට ලබා ගැනීම සදහා කටයුතු කිරීමේදී සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.