නිමන්ති රණසිංහ
වසර 10 ක් පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ලබා ගත් බව කියන අපනයන ආනයනය පාලකවරයා ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නැතැයි අල්ලස් හො දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ආනයන අපනයන පාලකවරයා ලෙසින් සේවය කළ පන්නිපිටියේ පදිංචි මහගමගේ ගාමිණී මහතා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හොර ගුහාවක්. අතට ගානක් දුන්නොත් තමයි බලපත්‍රය දෙන්නේ. නැත්නම් ෆයිල් එක යට ගහනවා. ඔතන ඉන්න ලොකු පොඩි හැමෝම ඕක තමයි කරන්නේ..