IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩුවක්

(නිමන්ති රණසිංහ)

ශී‍්‍ර ලංකා රේගුවේ අධිකාරිවරයකු ඇතුළු නිලධාරින් පිරිසක් රුපියල් මිලියන 125ක් අල්ලස්  ගත් බව කියන සිද්ධියට අදාළ ලේඛන කිහිපයක් සඟවා හෝ විනාශකර දමා ඇතැයි හිටපු සහකාර රේගු අධිකාරිවරයකු විසින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් දෙදෙනකුට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (21) නඩු පවරනු ලැබීය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 136 (1) (අ) වගන්තිය ප‍්‍රකාරව නීතීඥ සුභාෂිනී අබේසේකර මහත්මිය වෙතින් මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ හිටපු සහකාර රේගු අධිකාරීවරයකු වූ  උපාලි ගුණරත්න පෙරේරා මහතා විසිනි.

මෙම හිටපු සහකාර රේගු අධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන රේගු සිද්ධියට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු ද වෙයි.

චෝදනා හයකින් යුත් එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් වූ පො. ප. ඒ. එච්. එම්. ජී. අබේසිංහ සහ පො. කො  ඩබ්. කේ. සදුන් පෙරේරා යන අයවලූන්ට එරෙහිවය.



අදහස් (0)

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site