හිරාන් ප්‍රියංකර ජයසිංහ
අලි කරදයට විසඳුමක් ලෙස අලින් බෝවීම වැළැක්වීමට අලින්ට වඳ සැත්කම් කිරීමට ක්‍රමයක් නැතිදැයි පුත්තලම කිවුල අංක හතර ප්‍රදේශයේ කාන්තාවක් පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයාගෙන් අද විමසීමක් කළාය.
පුත්තලම කිවුල ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව තම ගම්මාන වලට කඩා වදින වල් අලි පලවා හරින ලෙස ඉල්ලා පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂක කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇය මෙම විමසීම කළාය.
කිවුල , දංගහවල , කන්දේයාය , හල්මිල්ලෑව , ගල්කුලම , බෝගහයාය ඇතුළු ගම්මාන නියෝජනය කරමින් 100 කට ආසන්න පිරිසක් ලොරි රථ සහ යතුරු පැදි වලින් වන ජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ තිබූ අතර එහිදි පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම් .කේ.එස් චන්ද්‍රරත්න මහතාට ලිපියක් භාර දෙමින් තමන් මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කළහ.
‘‘අනේ සර් පසුගිය කාලයේ තිබුනේ පුංචි පවුල රත්තරන් කියලා අපේ ජාතිය අඩු කරන්න වඳ සැත්කම් කරපු ක්‍රමයට මේ අලි ටිකත් අල්ලලා වඳ කරන්න ක්‍රමයක් නැද්ද ?‘‘ යයි කාන්තාවක් ප්‍රශ්න කළාය. ඒ සමඟ පැමිණ සිටි පිරිස කොහඬ නඟමින් සිනාසුනහ.
මෙහිදී ජනතාව නැගූ චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
“මේ ප්‍රශ්නය අපි නොදන්නාවා නොවෙයි . නමුත් අපිට තිබෙන සම්පත් එක්ක වැඩ කරන්න අමාරුයි . ඒ වුනාට අපි මේ කටයුත්ත නවතා දමන්නේ නැහැ. අපි 22 ඉදලා වල් අලි පලවා හරින්න කටයුතු කර තිබෙනවා. 22 දංගහවල පන්සලේ අපි කැම්ප් ගහලා නතර වෙලා මේ කටයුත්ත පටන් ගන්නවා.වාහන තුනක් දැනට යොදවන්න කටයුතු කර තිබෙනවා.
ඒ එක්කම සිවිල් ආරක්ෂක ඒකකයේ සහය ලබා ගෙන මෙහෙයුම් සාර්ථක කරන්න අපි සුදානම්. මම ඉල්ලා සිටිනවා මේ සියලු දෙනාගෙන් කරුණාකරලා අපිට සහාය දෙන්න කියලා. මොකද මේ සහයෝගය අලි පලවා හැරිමේදි වැදගත් නිසා‘‘ යැයි ඔහු පැවසීය.


COMMENTS
මිනිස්සු අලින් ඉන්න කැලේ කපමින් නිවාස, ගුවන්තොටුපළවල් පාරවල් හදන නිසා අලින්ට ඉන්න තැනක් නැතිවෙලා
අලින්ට කතා කොරන්න පුළුවන් කමක් තිබෙනවානම් අලි ඔය ප්‍රශ්නය වනජීවී මහත්වරුන්ගෙන් අසාවි. ඒත් අලි අලි කතාවෙනවා ඇති මිනිස්සු ටික වඳකලොත් අපට කැලේ ඉතුරු වෙවී කියලා.
අලින්ට නොව වඳ සැත්කම් කළ යුත්තේ අලින්ගේ ප්‍රදේශවල පදිංචි වෙන අයටයි.
වඳ සැත්කම් කරත් ඔක්කොම මැරුවත් එකයි. වඳවී යන සත්තු මොන විදියට හරි රැක ගන්න වෙනවා නේද.? කැලේ ඉවරයක් නැතුව කපනවා අලි ඉන්නේ කොහෙද.?
මිනිස්සු කැලෙට ගිහින් සතුන්ට ගම්වලට එන්න කියන්න. ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ සත්තුන්ට විතරයි ජිවත් වෙන්න තියෙන්නේ කියලා. මසට මරණ කුකුලන්ට කවූරුවත් අනුකම්පා නැත්තෙ ඇයි.
පුත්තලම් ඡන්දදායිකාවක්නේ
මිනිසුන් අලින් ඉන්න කැලේ ජිවත් වෙන්නේ මිනිස් ජනගහනය වැඩිවන නිසා. ම්නිසුන්ටද මුල්තැන සතුන්ටද?
වර්ෂයකට අලි ඇතුන් 290 ක් පමණ නොයෙකුත් හේතු නිසා මියයනවා. උපත් සිදුවන්නේ 180 ක් විතර. එමනිසා වඳ පෙති දෙන්න දෙයක් නැහැ. ජාතික සම්පතක් රැකගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ නො හැකිද?
ඔය පිරිසෙන් කී දෙනෙක් රක්ෂිතයේ අනවසර ගෙවල් හදාගෙන ඉන්නවද? විල්ලු වලට ගිනි තියනවද? කැළේ ඇතුලට හරක් දිගේලි කරනවද? අන්න ඒවා කරද්දි වන අලි නෙවෙයි අනෙක් සතුනුත් ගම් වැදීම ස්වභාවිකයි.
මම හිතන්නේ මෙම කාන්තාවට ඡන්දය ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේ.
කට්ටිය එක්කම හිනා වුනාට අලි ගහල පවුලෙ මිනිහෙක් මැරුනම, හිනා වෙන ඈයො එන්නෙ නෑනෙ ඒ පවුලට සලකන්න... ඒ එක්කම අලින්ට ජීවත් වෙන්න ඕන කැලේ, ඒක බලේ රැක ගන්න පාවිච්චි කරන්න ඉඩ දීල දැන් ඒව විනාස කරල තියෙන්නෙ. රටේ වන ගහනය වැඩි කරන්න. භූතානය ආදර්ශයට ගන්න.
වඳ යෝජනාව සුදුසු වන්නේ අලින්ට නොව. 225 දෙනාටයි උන්ගේ සහචරයින්ටයි. වැඩේ හරියට කෙරුවොත් අලි උවදුරත් ඉවරයි ලංකාව දින දින දියුණුවෙයි.
දරුවෝ ඔයා අහපු ප්‍රශ්නය ඉතාම කාලෝචිත දෙයක්. ඔය ප්‍රශ්නය කව්රුවත් මීට ඉස්සර අහල නැහැ. අලියා, දෙවියන් වහන්සේ මවන කොට පිරිමි අලියට පොඩි අඩුපාඩුවක් කරලා තියනවා. එම නිසා එය කරන්න විදිහක් නැහැ.
හොඳයි අලි පරපුර මේ රටින් සහමුලින්ම වඳ උනයි කියල හිතමු. ඒකෙන් මොකද්ද අපේ රටට ජනතාවට පරිසරයට සිද්දවෙන හානිය? නොදන්නා නිසයි අහන්නේ. දන්නකෙනෙක් ඉන්නවානම් කියන්නකො.
මිනිසාට විසදා ගත නොහැකි ගැටලුවකට දෙවියන් වහන්සේට ගතුකිමෙන් පලක් නැහැ. මහපොළොව මිනිසාට පමණක් අයිති තැනක්ද නොවේ. මිනිසා වනාන්තරය ආක්‍රමණය කිරීම නවතා දැමිය යුතුය. කතා කිරීමට නොහැකි අහිංසකයින්ට උන්ගේ භුමිය පවරා දිය යුතුය.
සත්තුන්ට වද සැත්කම් කරන එකට මම තරයේ විරුද්ධයි. අපිට අයිතියක් නෑ සත්තු තමන්ගේ වර්ගයා බෝකරන එකට බාධා කරන්න. ඔය මිනිස්සුන්ට බැරිද සත්තු ඉන්න හරියේ නැතුව වෙන පැත්තකට ගිහින් පදිංචි වෙන්න?
අලියා කියන සතා ගම වැදුණාම සියලු දේ විනාශ කරනවා. මිනිස්සු මරනවා පොල්ගස් පිටින් කඩාදානවා. කෑමටම පමණක් නොවෙයි, මේ අලි එන එක නවත්තන්න මී මැසි ජනපදවලට පුළුවන්... මෙය සාර්ථක ක්‍රමයක්... මී මැසි පෙට්ටි ටිකක් ගෙනත් තියන්න අලින් එන එක නතර කරන්න පුළුවන්...