IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලුත උපන් බිළිඳිය වළදැමු මව රිමාන්ඩ්

(කාංචන කුමාර ආරියදාස)

අලුත උපන් බිළිඳිය වළ දැමූ බවට සැක පිට  අත්අඩංගුවට ගත්  දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ  තිදරු මවක් දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර  ඉලංගසිංහ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි තිදරු මවකි.

පසුගිය දිනෙක නිවසේදී  දරුවකු ප්‍රසුත කර වළදමා ඇතැයි ලැබුණු ආරංචියකට අනුව ගිය පොලිස් නිලධාරීන්ට  මේ මව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.මව අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු අනාවරණය වු තොරතුර මත සිරුර වළ දැමු  ගෙවත්තට  පොලිස්  ආරක්ෂාව යොදවා තිබිණි.

අනතුරුව දඹුල්ල පොලිසිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඊයේ (20) දින පස්වරුවේ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර  ඉලංගසිංහ මහත්මා සහ මාතලේ  දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍යරත්න  යන මහත්වරු පැමිණ ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිවස පිටුපස වළ දමා තිබුණු බිළිදියගේ මළ සිරුර ගොඩ ගනු ලැබීය.

අඩි දෙකක පමණ වළක් කපා රෙදි කැබැල්ලක ඔතා බිළිඳිය වලට දමා ඊට උඩින් ලෑලි කැබලි දමා පස් වලින් වසා තිබිණි .

ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතලේ මහ රෝහලට රැගෙන යාමට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අලුත උපන් බිළිඳිය වළදැමු මව රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site