අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 153 ක වන්දි පිරිනැමීම අද (22) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ , පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් . ස්වාමිනාදන් මහතා ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.
දර්ගා නගරය ආශ්‍රිතව ප්‍රචණ්ඩ කාරීව හැසිරුණු පිරිස් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් සහ ගිනි තැබීම්වලින් තිදෙනකු මියගිය අතර තුවාලකරුන් 12 දෙනෙක් වූහ. ඔවුන් වෙනුවෙන් සහ දේපළ හානි 85 ක් වෙනුවෙන් වන්දි පිරිනැමිණි.
මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය එමි.එල්.ඒ.එම්. හිස්බුල්ලා , අමාත්‍යාංශ ලේකම් පී.සුරේෂ්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්. ගොඩකන්ද, පුනරුත්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂක ආනන්ද විජේපාල යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
(ඡායාරූප චතුර එස් .කොඩිකාර )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සනීප ඇති සමහර උග්‍ර ආගම් ජාතිවාදීන්ට. මොකද මේවට වැයවෙන්නේ රැකියාවක් කරලා හෝ විදේශ සේවය කරලා මහන්සිවෙලා සාමාන්‍ය ජනතාව උපයන බදු මුදල්. අපරාදේ සංවර්ධනයට සහ අත්‍යවශ්‍ය සේවා වලට යොදවන්න තිබු අපේ මුදල්
සිංහලයව කුලප්පු කරලා උසිගන්වලා සිංහලයින් ලවා මෙයාලගේ පරණ බඩු කුඩුපට්ටම් කරවාගෙන ඒ ගොල්ලොත් තව ටිකක් කුඩුකරගෙන දැන් අපෙන්ම වන්දිත් ඉල්ලනවා.