(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් විදේශිකයකු වුවත් ඔහු ලංකාවේ නීතීයට යටත් අයකු වන හෙයින් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි දෙන ලෙසට කොමිසම විසින් නිකුත් කළ සිතාසියට ඔහු අවනත විය යුතු බව බැඳුම්කර කොමිසම අද(20) නිවේදනය කළේය.
අර්ජුන් මහෙන්ද්‍රන් කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි දිය යුතු අයෙකු බව කොමිසමේ මතය බව සඳහන් කරන කොමිසම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට හැකියාව ඇති මෙම අවස්ථාව අත් හැරීමට තරම් අර්ජුන් මහෙන්ද්‍රන් අඥානයකු බව තමන් නොසිතන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
සිංගප්පුරු පුරවැසියකු වන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට හෝ කොමිසමට සහායවීමට නීතීයෙන් බැඳී නැතත් කොන්දේසියක් මත කොමිසම හමුවේ සාක්කි දීමට කැමැත්ත පළකළ බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා බැඳුම්කර කොමිසම හමුවේ කළ ප‍්‍රකාශයක් දක්වමින් මාධ්‍ය වල පළවු වාර්තා පිළිබඳව කොමිසමේ අදහස දැනුම් දෙමින් බැඳුම්කර කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ එසේ සඳහන් කොට තිබිණි.
‘‘මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් විදේශිකයෙකු වීමේ හේතුව මත ඔහු අපගේ බලඅධිකාරියෙන් පිටස්තර පුද්ගලයෙකු වශයෙන් සැළකිය නොහැකි බවත් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි දෙන ලෙසට කොමිසම විසින් නිකුත් කළ සිතාසියට ඔහු අවනත විය යුතුයි. අර්ජුන් මහෙන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධුරය බාරගැනීමෙන් පසු ඔහු අපේ නීතීයෙන් පරිබාහිර පුද්ගලයෙකු වශයෙන් සැළකීමට හැකියාවක් නැති අතර ඔහුගේ ස්ථාවරය හා අර්ජුන් ඇලෝසියස්ගේ ස්ථාවරය බෝහෝ සෙයින් එකිනෙකට වෙනස්ය‘‘ යැයි ද එහි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දෑව නිර්දේශ කලේ අපේ ලොක්කනේ... ඉතින් එයාගෙන්ම ගනුදෙනුව බේරාගමු....
අර්ජුන් විදේශිකයෙක් කියලා දැන්ද මතක් වුනේ! ඒක තේරුම් ගන්න ඕනේ ඔය තනතුර බාර ගන්න ඉස්සර වෙලා! අපේ රටේ තනතුරක් දැරුවා නම් අනිවාර්යයෙන්ම රටේ නීතියට යටත් විය යුතු වෙනවා! ඒකට පාලන තර්ක ඕනේ නැහැ ! ඔහු කොහොමද වගකීම් වලින් නිදහස් වෙන්නේ වගකීමක් බාර ගත්තට පස්සේ!
අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ නීතීඥයා දරන මතය පුදුමාකාරයි. කිසියම් රටක් විදේශිකයෙක් වරදක් කලවිට මුලින්ම කරන්නේ ඔහුව රජයේ භාරයේ හෙවත් රිමාන්ඩ් භාරයේ තබාගෙන රටේ නීතිප්‍රකාරව නඩු අසා අච්චු කරනවා. හිරෙන් කවදා හෝ එලියට ආ විගස හිටපු රටට නෙරපනවා. සිංගප්පුරුව නීති තද රටක්. මෙයාව මෙරටින් නෙරපුව දවසට එහෙදිත් අල්ලා ගනියි. ඇත්තටම මහබැංකු අධිපති කමට සුදුසු කෙනෙක් අපේ රටේ හිටියෙම නැද්ද?
වැදගත්ම දේ තමයි ප්‍රසිද්ධ නීතිය දන්නා මහත්වරුත් මේ ගැන නොදන්නා එක. ඕනෙම පුද්ගලයෙක් වෙන රටකට ගියවිට ඒ රටේ නීතියට යටත්බව නොදන්නා එක ලැජ්ජා වියයුතු කරුණක් නොවේද?
හැබැයි ඉතින් වෙනසක් තියෙනවා. මෙහෙම හොරකම හොයන්න හරි අවස්ථාවක් තියෙනවා කලින් මෙහෙම නෑනේ
මඟේ හොර මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි..! මඟේ හොර බෑනන්ඩිට ධම්මං සරණේ සරණයි..! ඕන් ඉතිං අපි දෙන්නට මේ තුංසරණේ සරණයි...!
පර දෙසක්කාරයන්ව රටට ගෙනල්ල මහා බැංකුවේ අධිපතිකරලා අපේ මුදල් හොරාකන්න ඉඩසලසපු රනිල්ට විරුද්දව නඩු පැවරිය යුතුයි .
ඔන්න බොලේ මගේ මොළේ එහෙම පිටින්ම කොලොප්පන් වුනා. කොමිසම කියනවා පිට දෙසක්කරය වුනත් අපේ නීතියට යටත් ඒ හින්ද සාක්කි දිය යුතුමයි කියල, යකෝ එහෙනම් ඇයි අපේම රටේ එකාට කිව්වේ බල කරන්ඩ බෑ කියල.
රවින්, මේ තරම් මුලිකම දෙයක්වත් මේ කළු කෝට් කාරයෝ දන්නේ නැත්නම්, එක්කෝ ඔවුන් මන්ද බුද්ධිකයෝ නැත්නම් මෙවැනි ගොන් තර්ක දාන්න තරම් කිසිම හිරිකිතයක් නැති අය.
දිලංක උන්නැහේ ඒක තමයි යහපලානේ නේද? ඔයාගේ කතාවට හැම පැත්තෙන්ම හිනා යනවා.
ඔව් ඔව් සාක්ෂි දීමට බැදී නෑ.. නමුත් විදේශිකයා අපේ රටේ බැඳුම් කරයෙන් ගසාගෙන කන්න පමණක් බැඳුනා ... කිසිම කෙනෙකුට උසාවි නියෝග වලට අභියෝග කල නොහැක ... මොහුගේ නීතිවේදියා යුක්තිය පසිඳලන උගත් විනිසුරු මඩුල්ලට සාක්ෂිකරු වෙනුවෙන් නියෝගයක් නිකුත් කරලා ....මෙසේ කොමිසමකට නියෝගයන් දීම රටේ බලපැවැත්වෙන නීති මාලාවට පටහැනිද නැතිද කියා දැන ගැනීමට කැමතියි ...
මහා බැංකුවේ ලොක්කා කරනකොට විදේශිකයෙක් කියලා හිතුනේ නැද්ද?
අපේ රට විනාස කරපු එකට ලොකු ලොයර්ස් ලත් වග කියන්න ඕන .
රෝමෙස් සිල්වා සහ මාරපන , රෙදි ගලවාගෙන අර්ජුනට කඩේයන කැත. ලැජ්ජයි. ලුසෙනා
ජනාධිපති කමත් අගමැති කමත් විදෙසිකයකුට දෙන්න ඕනේ එතකොට මේ රට ගැන ඔවුන් මීට වැඩිය හිතාවි.
රටේ නීතියට අඩංතු නැති පරයකුට මෙිතරම් භාරධූර, මහජනතාවට වගකිවයුතු තණතුරක් දීපු එවුන්ගේ ඔලුවල අං තියනවාද කියල බලන්න ඔිනෑ. දේශපාලකයිනේ මීට වඩා වැඩි විනිවිධ භාවයකින් වැඩ කරපල්ලා.
මහ බැංකු අදිපති වෙන්න හොඳයි. සාක්කි දෙන්න නරකයි.
මහ බැංකුවේ අධිපති වෙලා හොර වැඩ කරන්න හොඳයි. සාක්කි දෙන්න නරකයි.
ඉතාමත් ඉවසිලිමත් වන්න. ලබන පෝයට කලින් සුළු දඩයක් හා කෙටිකාලයකට සිරදඬුවමක් දුන්නොත්, අපීල්කරපුගමන්ම ,සැදැහැවත් අපේ හාමුදුරුවරු පිණ්ඩපාතේ ගිහින් දඩමුදල ගෙවලදායි. සිරදඬුවම අහෝසිකරලා විනිසුරුතුමා ඔහුව නිදොස්කොට නිදහස්කරයි. අද නීතිය, සැහැල්ලුයි ඉතාමත් සැහැල්ලුය්. ...නරක නෑ නේද ..........පව් දෙයියෝ.
අනේ අපේ රටට ගහපු හෙනේක මහත, මේ මහත්වරු හොරකම් කරලා නෑ. සෙල්ලමට නොදන්නාකමට මේ වැඩේ වෙලා තියෙන්නේ... අනික අධ්‍යක්ෂ පලිසේනට කෝටි 10 බෝනස් එකක්නේ දීලා තියෙන්නේ... මේක පොඩි දරුවෝ කරන සෙල්ලමක්නේ, අර පංච දන්නේ ... කොමිසමේ දිසපාමොක්තුමන්ලාට තියෙන්නේ මේ අයගේ පිටිපස්ස පැත්තට වේවැල් පාරක් දීල නිදොස් කොට නිදහස් කරන්න. ඕකට මේ තරම් කල්ගන්නේ ඇයි...? තව අවුරුදු 10ක් ගියත් ඕක තමයි විසඳුම, මේ වගේ රත්තරං අගමැති, ජනාදිපති ඉන්න රටේ මොන බැදුම්කර ප්‍රශ්නද ?
ඕනෑම කෙනෙක් තමන් පුරවැසි නො වන රටක තනතුරක් භාර ගන්නවා නම් අදාළ රටේ නීතියට යටත්. ඒක අමුතුවෙන් තීරණය කළ යුතු දෙයක් නො වෙයි. ඉටුකළ රාජකාරි සම්බන්ධව එම රටට ඔහු නීතියෙන් වගකීමටත්, වගවීමටත් බැඳී සිටිනවා. මෙතන ගැටළුව අර්ජුන මහේන්ද්‍රන් මේ තනතුර ඉල්ලගෙන ආවේ නැහැ. එය භාර ගන්නා ලෙස අපේ ලොක්කෙක් කළ ආරාධනයට අවනත වීමයි. ඒ ආරාධනය කොන්දේසි සහිතද රහිත ද යන්න හරිහැටි දන්නෙ අපේ ඒ ලොක්කා හා අර්ජුන පමණයි.
අපෝ මෙහෙම ලිච්ඡවි පාලනයක්. රනිල්ලා, සිරිසේනලා ඒ අයගේ කට්ටිය දාගෙන මේ රට විනාශ කරනවා. නිවට කමට රට පාවා දෙනවනේ...
"මහබැංකු අධිපති කමට සුදුසුම කෙනා" මේ කම්බා හොරා කියල දන්නා නිසයි ගෙන්වා ගත්තේ. 2004 ජුනි 10 ඩේලි නිවුස් පත්තරේ කතුවැකිය කියවන්න. අනුර බණඩාරනායක එදා කියලා තියෙනවා අර්ජුන මහේන්ද්‍රන් 2001 සිට 2004 ආයෝජන මණ්ඩලේ සභාපති ලෙස විශාල ලෙස මුල්‍ය වංචා කර ඇති බැවින් වහා පරීක්ෂණ පවත්වන්න කියලා. මේ තනතුරට එන්නට පෙරම මේ සොරකම සැලසුම්කල එකක්. අපේ ආණ්ඩුවක් ආවොත් මම ඔබව මේ තනතුරට දානවා. ආව මුල් දවසෙම මහා බැංකුවට වැඩේ දීලා වැඩ පටන්ගමු. පලවෙනි දවසේම ගේම දුන්නාම සැක නොකරයි.... අල්ලන්න බැරිවෙයි කියල හිතුවා. දැන් ඡන්ද තියන්නේ නැත්තේ ආණ්ඩුව පෙරලුණොත් මේ වංචාව යට ගහන්න කල් මදි නිසා. රටේ ඉහළම තැනින් උපදෙස් මත කල මහා වංචාවක්. මෙයයි සත්‍යය.