IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්නැයි ලංකාවේ ඉල්ලීම ගැන සළකාබලන බව සිංගප්පූරුව කියයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා චෝදනා ලැබ සිටී.
 
මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරූ නීතීපති දෙපාර්තමෙන්තුව අද (08)  නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය තහවුරු කළාය.
 
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් ඒ සදහා උදර්පන නීතීය යටතේ අවශ්‍ය පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුලත් නීතීමය ලේඛණ අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවන ලදුව එහි නිලධාරීන් විසින් මීට පෙර අවස්ථාවක සිංගප්පූරූ රජයට බාර දෙන ලදී.
 
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සදහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විදේශ ගතවු අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.
 
ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න (සභාපති විනිසුර)  සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලදී.

එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ අවශ්‍ය මුලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛන ආදිය  නීතීපතිවරයා විසින් සකස් කරන ලදී.

ඒ සදහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු සකස් කළ නීතීපතිවරයා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දෙන ලදී.

එලෙස බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූර රජයට ඉදිරිපත් කොට මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කොට එවන ලෙස උදර්පන නීතීය යටතේ මීට පෙර අවස්ථාවක සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කොට තිබිණි.

ඒ අනුව එම පියවරයන් සම්පුර්ණ කිරීම සදහා මේ වන විටත් ක‍්‍රමාණුකුළව පියවර ගෙන ඇතැයිද ඒ අනුව නීතීපතිවරයා විසින් සකස් කරන ලදුව විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවනු ලැබු නීතීමය තත්වයන් හා ලිපි ඇතුලත් ගොනු මෙලෙස සිංගප්පූරූ රජයට බාරදී තිබිණි.

ඒ අනුව ඒ පිළිබද සළකා බැලීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරූ නීතීපති දෙපාර්තමෙන්තුව නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (6)

අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්නැයි ලංකාවේ ඉල්ලීම ගැන සළකාබලන බව සිංගප්පූරුව කියයි

SUMITH Tuesday, 08 October 2019 09:16 AM

එතකොට උදයංග වීරතුංග............ එයා ගෙන්නවන්නේ නැද්ද?

:       257       230

ranjith Tuesday, 08 October 2019 09:22 AM

විලි ලැජ්ජාවක් නෑ. හැංගිලා ඉන්නවා. ලෝකෙම දන්නවා පල් හොරෙක් බව.

:       1       39

PereraTuesday, 08 October 2019 11:13 AM

ගෝ්‍ඨා දිනනකම් ඉන්නේ.

:       0       1

BamunuarachchiThursday, 10 October 2019 12:19 PM

දැන් මොලේ මඤ්ඤං වෙලාද? මෙයාව පත් කලේ රනිල්... රටින් පනින්න උදව් කළෙත් රනිල් කියන කෙනා... අපිට කිව්වේ මගුල් ගෙදරක යනවා කියලා. ආපසු ඉවර වුණු ගමන් එ්වි කියලා..

:       0       0

gobbaya Tuesday, 08 October 2019 09:39 AM

ඇවිල්ල ඔක්කොම වැමරුවොත්, යුඑන්පි එක ඉවරයි

:       0       0

kamal Tuesday, 08 October 2019 11:05 AM

මගුල් ගේක ගියා කියා නේද කිව්වේ...? මොකද දැන් එහෙ බින්න බැහැලා ඉන්නේ... මගුල් ගේක ගියා කියලා කියපු අයට ජම්පරේ ගැස්සවිය යුතු නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13522 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 114 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site