(ප්‍රියංකර ජාතුංගම )
පවතින වැසි තත්ත්වය සමඟ අයගම ප්‍රදේශයේ පවුල් 84 ක ජනතාව පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති බව අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .
ඔහුන් මේ වන විට විහාරස්ථාන වල හා අවට පාසල් වල රඳවා සිටින අතර පිසූ ආහාර ලබාදීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පැවසීය.
අයගම ගමික්කන්දේ නාය යෑමේ අවදානමකට ලක්ව ඇති හෙයින් ඒම ප්‍රදේශයේ නිවාස වල පදිංචිව සිටි පවුල් 38 ක්ද ගලතුර ප්‍රදේශයේ පවුල් 18 ක් ද යහටුවෙල පවුල් 20 ක්ද වත්ත ඉන්නකන්ද ප්‍රදේශයේ පවුල් 08 ක්ද ඒම වසම් වල ග්‍රාම නිලධාරීන් හරහා ඉවත් කර ආරක්ෂිත ස්ථාන වල රැඳවිමට පියවර ගත් බවත් අයගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd