(රංජිත් රාජපක්ෂ)
රාජ්‍ය නිලධාරින්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි යැයි වනජිවි නියෝජ්‍ය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවියෝ අඹේවෙල දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක නිරත වෙති.
නියෝජ්‍ය අමාත්‍යවරයා හෝටන්තැන්න ප්‍රදේශයේ සංචාරයක් අතරතුර අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව ගැට ගසා තිබු කුළු හරක් 7 දෙනෙකු රක්ෂිතයට මුදා හැර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරියට හා කාෂිකර්ම පර්යේෂණ නිලධාරියට බැන වැදුණේ යැයි කියන සිද්ධියට විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීයෝ මෙම උද්ඝෝෂණය පවත්වති.



COMMENTS
වනජීවී ඇමති හරි, ගොවීන්ගේ ගැටළුවට උත්තර දෙන්න ඕනෑ කෘෂිකර්ම ඇමැති...
මේ හරක් මුදා හැරියේ, ඒ අයට මහත් හිංසාකාරී වන පරිදි ගස්වල ගැට ගසා තිබීම නිසයි.
ලංකාවේ තියෙන මේ ඊනියා ප්‍රාදේශීය සංවර්ධන කමිටු කියන්නේ රටේ නීතියට අභියෝග කරනදේ ප්‍රාදේශීයව කරන්න තියෙන එකක්... ගිහිල්ලා බලන්න එතන මොනවද මෝඩ නූගත් දේශපාලකයෝ මෝඩ පාක්ෂිකයෝ පිරිසක් එක්ක ඇවිත් කරන්නේ මොකක්ද කියලා? සේරටම කලින් මෙතන පෙනී ඉන්න පිරිසට නීත්‍යානුකූල ඉඩම් තියෙනවද කියලා බැලුවා නම් කුඹුරු විදිහට, කතාව තේරෙනවා.
ඇමතිතුමා කළේ ඉතා හොඳ වැඩක්... මේ යක්කුත් බැඳපු විදිහට බැඳලා දැම්මා නම් හරි...
රජතුමා විසින් බැඳ දමා තිබුණු රටපුරාම සිටි බෝර්ඩ් උස්සගෙන පාරට පනින්න පුල පුලා බලාසිටි මේ කකුල් දෙකේ හරක්, පුටු පාටියේ ලොකු මහත්මය සහ අලි පාටියේ ඇත්ගොව්වා විසින් ලිහා දමා නිදහස් කිරීම නිසා ඔවුන් සුළු දෙයකටත් කොළඹ ඇතුළු රටපුරාම පාරවල් වල බෝර්ඩ් උස්සගෙන ඉබාගාතේ යන්න පුරුදු වී ඇත. එමනිසා නිදහසේ රටේ පාරක ගමන් කිරීමට බැරි තත්වයකට පත් වී ඇත. දැන් කල හැකි එකමදේ අකමැත්තෙන් වුණත් රජපවුලේ කවුරු හරි කැඳවාගෙන ඇවිත් රජපුටුවේ ඉන්දවා ඔහුලවා හරක් ටිකට දීලා තිබෙන නිදහස් අහෝසිකොට ඒ අය බැඳ දැමීමයි.