(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතියකට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී ලබන 16 වැනිදා සවස 2.30ට පැවැත්වේ.
එම සම්මුතිය අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස පෙනී සිටීමට නියමිතය.
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමියන්ගේ සහ අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මුතියට අත්සන් තැබීම සිදුකෙරේ.
රටේ ජාතික, ආගමික හා ශාසනික කටයුතුවලදී එක්ව ක‍්‍රියා කිරීම වෙනුවෙන් මෙම සම්මුතිය අත්සන් තැබෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති අත්තංගනේ ශාසනරතන නා හිමියෝ පැවසූහ.
බුරුම දේශයෙන් උපසම්පදාව රැගෙන විත් මෙරට ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය වසර කිහිපයක් තිස්සේ කරන ලද සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම සම`ගි සම්මුතියට එළඹීමට තීරණය කෙරුණු බව ද උන්වහන්සේ කීහ.
දෙපාර්ශවය එක්ව කතිකා කරගත් පරිදි පත්කරගන්නා ලද 450 නමක් වන මහ තෙරවරුන් වහන්සේලා වැඩම කරවා මෙම සම්මුතියට එළඹීම සිදුකෙරෙන බව ද මහා ලේඛකාධිකාරී හිමියෝ කියා සිටියහ.
මෙහිදී අමරපුර රාමඤ්ඤ මහ නා හිමිවරුන් මෙන්ම මාතලේ ධම්මකුසල රාමඤ්ඤ මහා නිකායේ අනු නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති අත්තංගනේ ශාසනරතන නා හිමියන් ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුරජානන්වහන්සේ වැඩසිටියේ මොන නිකායෙන්ද .. ???
සාධු! සාධු! සාධු! අනිත් නිකායනුත් එක්ව නිකාය භේදය නැතිව යත්වා!
සාදු සාදු සාදු!!!.
ගිවිසුම් අත්සන් කරන්නම ඕනෙද? වචනය හොඳ මදිද? ඔය නිකාය හදාගත්තේ කුලබේද නිසා නේද?
නිකාය භේදයක් නැහැ. බොහෝ ආගමික කටයුතු සමගියෙන් කරනවා. අපේ පැතිවල....
නිකායන් අතර ගිවිසුම් ඇති වෙන මේ කාලේ ආගම් අතරත් ගිවිසුම් ඇති කර ගත්තොත් නරකද? ඔක්කොම ප්‍රශ්න ඉවරයි.
ඉතින් හතරම එකතුවෙලා ශ්‍රී ලංකා නිකාය කියලා එකක් හදාගෙන වේලකන්න නැති ගරා වැටුණු පාසල් ටික දියුණු කරන්න කටයුතු කළොත් නරකද? අපේ හාමුදුරුවනේ... අනිත් එක උත්සවයක ආපුහම ටෙලිෆෝන් තියාගෙන කිසිම චාරයක් නැතිව කතා කරකර ඉන්න එක හරිම අශෝභනයි. අශීලාචරයි... අපේ හාමුදුරුවනේ, පොඩ්ඩක් විනය පිළිබඳවත් දැනුවත් කිරීම හොඳයි අපේ හාමුදුරුවනේ... මේවා අනිකුත් ආගම් අදහන මිනිසුන් බලාගෙන ඉඳලා අපිට කියනවා.