IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අම්බලන්තොට කුඩු රැජිණ අල්ලයි

අම්බලන්තොට සනත් ගමගේ
අම්බලන්තොට නගරය ඇතුළු ගම් රැසකට මත් කුඩු බෙදූ කුඩු අම්බලන්තොට කුඩු රැජිණ මත් කුඩු සහ මත් කුඩු අළවිකරන ලද මුදල් ද සමඟ අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට සති පොළ පිටුපස නිවසේ මත් කුඩු ජාවාරම කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය කරන ලද හදිසි වැටලිමකදි සැකකාර කාන්තාව සමඟ මත් කුඩු මිලි ග්‍රෑම් 66 ක් හා ඒ අවස්ථාව වනවිට මත් කුඩු විකිණූ මුදල් රුපියල් 8,68,000 සමඟ   අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 58 ක් වන  මෙම කාන්තාව මීට පෙරද මත් කුඩු ජාවාරමේ නිරතව සිට පොලිස් අත් අඩංගුවට පත් වි 2006 සිට 2013 දක්වා බන්ධනාගාර ගත වී තිබේ.   ඉන් නිදහස් විමෙන් පසු නැවතත් මත් කුඩු ජවාරම කර ඇති බව පොලීසිය කියයි.
අම්බලන්තොට සති පොළට පැමිනෙන කුඩු වලට ඇබ්බැහිවුවන් වෙළඳුන්ගෙන් සහ පොළට පැමිනෙන අයගේ මුදල් පසුම්බි සොරකම් කර කුඩු බීමට යොමු වන්නේ මෙම තැනත්තිය ලඟට බව පොලිසිය පවසයි. නගරයෙන් පිට ගම්වලටත් පාසල් සිසුන්ට පවා කුඩු විකිණීමට විවිධ උත්සාහයන් ගෙන ඇති බවට පරීක්ෂණ වලින් හෙලි වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (2)

අම්බලන්තොට කුඩු රැජිණ අල්ලයි

K Perera Sunday, 23 July 2017 03:55 AM

මේ පාරනම් ජිවත් වෙනතුරුම හිරේ තබන්න ඕනේ... මරණ දණ්ඩනය තමා වඩාත්ම සුදුසු....

:       0       0

රාජුන් Sunday, 23 July 2017 05:02 AM

මෙන්න මරණ දඬුවම දෙනවනම් අවස්ථාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site