ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන
අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.
එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.
එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.
ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.
COMMENTS
අනේ ජා සිංහ මහත්තයෝ, අපේ ගම්වල ගැහැණු ගැබ නැති කරන්න අන්නාසි ගැට කාපු බව ඔබ නොදන්න වා නොවේ. රොබර්ට් නොක්ස් පවා ඒවා ගැන ලියා තිබෙනවා. සමහර විට ඔබ ඒ පොත නොකිව් නිසාදෝ "යහපාලනය " වෙනුවෙන් වෙනත් පොතක් පෙරලා ඇති බව නම් කියන්නම ඕනේ. තව ඉස්සරහට බොහෝ දේ වෙනබවත් ඒවා රාජ්‍ය අනුග්‍රහය මත සිදුවෙන බවත් කණගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා.
මහින්දගේ හොල්මන් රට තුල වැඩ පටන් අරන්. පරණ හෝරාව බලයට ගේන්න.
ඔබට සතුටුයිද දැං?
හා හා හා පිටි ගුලියක් ..... !
පුදුම සොයාගැනීමක් . අපිනම් හිතුවේ ඕක අනිවාර්යෙන් විටමින් පෙත්තක් කියල රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වෙඉ කියල.
අපේ රස පරීක්ෂකට මේක අදුරගන්න සති දෙකක් ගියා. මේ වගේ වැඩ බැරි අන්ගගේල නිසා තමඊ ප්‍රශ්න දුරදිග යන්නේ . මේ රජයේ ආයතනවල ඉන්න ගම් කබරයන්න්ට කවදාවත් හරියට වෙඩක් බැහැ
මෙම මුදල් ලබා ගැනීම සහ බලය ලබා ගැනීම සදහා ඕනෑම ජරා වැඩක් කරනා දේශ ද්‍රෝහීන් අල්ලා එල්ලුම් ගසට යැවිය යුතු කාලය එලබ ඇත.
බොහොම හොදයි පොලිසිය අල්ලන කුඩු පස්සේ පන් පිටි වෙන එකේ ඕක අහන්න දෙයක්ද
කොන්ඩේ බැඳපු චීන්නු තාමත් ඉන්නව කියල හිතන කට්ටියත් ඉන්නවනේ.
මේ වගේ ආණ්ඩුවකින් මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වන්නට වීම පුදුමයට කරුණක් නොවේ..
දැන් හරි ද?
බොරුවට මිනිස්සු රවටන්න එපා..................
මේවා ඔක්කොම හිටපු කෙනාගේ වහල්ලුන්ගේ වැඩ.එයාට ඕන කොහොම හරි එයාගේ වහල්ලු යොදාගෙන රට අරාජික කරන්න.
රටක් ගිනි තිබ්බ පිටි ගුලියක්.
මෙම රස පරීක්ෂණය මුලදීම කළානම් මෙහෙම විපත් නොවෙන්න ඉඩ තිබුණා.නිරායුද අහිංසක මිනිසුන්ට පහර ගෙන අයට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි.
ඔබ වියදම්කර පෙතිවැනි පිෂ්ටය සහිත අහර කැබලි නොවික්කුනන තැනකට යන්න, එවිට නික්කන්ම වැඩේ හරි!
එතකොට අර හෝටලේ එකා ලොක්කා වගේ අර ගිය video එකේ කියන්නේ, ඔව් මම පෙත්තක දැම්ම කියල. එකෙන් තමයි ඉල්ලන් කෑවේ. ඉස්සෙල්ලම මිනිහව ඇතුලට දන්නා ඕන සති දෙකකට විතර.
පිටි ගුලියක් ගිය දුරක්. අප රටේ ලොකුම වඳ පෙත්ත දේශපාලනය බව මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දිය යටින් ගෙන යන ගින්දරින් මුලු රටම ගිනි ගෙන අස්තාවර විය. "ඕනෑම සිදුවීමක් (උදාහරණය පිටි ගුලියක්) දේශපාලනය = මහ විනාශයක්"
අපේ මිනිස්සු කොච්චර මෝඩද ? අවු 30 දුක් විදලත් තාම තේරිලා නැහැ.
බුද්ධිමත් ජනතාවෙනි. මින්පසු ඔබ කන බොන දේක ආගන්තුක දෙයක් හමුවුනොත් කලබල නොවන්න. ඒවා එම අහාරයෙන්ම ජනිත වූ දෙයක් බව සලකා ආහාරයට ගන්න.ඉතාම ඉහල මට්ටමේ පරීක්ෂණයකින් මේ බව සනාථ වී ඇති නිසා අපට බිය යුතු කිසිවක් දැන් නැත.
මහලොකු ජාති හිතෛෂින් කන්නේ දෙමළ කඩෙන් හෝ මුස්ලිම් කඩෙන්. ඊට පස්සේ ඒවායේ නුගුණ කියනවා. ඔච්චරම සිංහල ජාතිය ගැන කැක්කුමක් තියනවා නම් සිංහල හෝටලේකට ගියාම ඉවරයිනේ. ඒවාට යන්නේ නැත්තේ ඒවායේ කෑම අනිත් ජාතීන්ගේ හෝටල් වලට වඩා අපිරිසිදු නිසාද?
රජයේ ආයතනයක රසපරීක්ෂක මිට සතියකට කලින් ඔය වැඩේ හරියට කලානම් ජිවිත දේපල කියක් බේරෙනවද? මේ වගේ අකාර්යක්ෂම රජයේ ආයතන, පොලිසිය නිසා තමයි මේ සේරම විනාස සිද්දවුනේ ...
අර වෙළුන තල් අත්තට බෙලි ගෙඩිය වැටුන සද්දෙට ලෝකේ පෙරලිගෙන එනවා කියා හාවෙක් පණ බේරගන්න දිවීම ගැන කතන්දරයක් ගොතා තිබෙනවා නේද.? මේ පරටේ තිබුන පිටිගුලිය සොයාගත් අයත් අර හාවා වගේ නේද?
මේ අවස්ථාවේදී ගත්තු හොද තීරණයක්. බහුතරයක් දෙනා හැගීම් වලට වහල් වෙන සමාජයක් මේ. කුමන හෝ වෙබ් අඩවියක වේවා පෞද්ගලික ගිණුමකින් වේවා ජාතිවාදය වැනි ගෝත්‍රික වාදී සංකල්ප අවුස්සන විට ඒකට නතු වන මිනිසුන් ගනන සිය දහස් ගනණක්. ඒ නිසා මෙතැන් පටන් වත් ෆේස්බුක් ප්‍රමුඛ සියලු සමාජ ජාලා විධිමත් වාරණයක් සහිතව ගමන් කරනවානම් යහපත් වෙයි රටකට. නමුත් චීනයේ වගේ තහනම් කිරීම නම් අතිශය අනුවණ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බලවත් පහරක්..
Asanka මහතාගේ අදහස හරි. ඒ උනාට දින පැනපු බීම බෝතලයකට වහාම ක්‍රියාකාරී වෙනවා. මෙවන් දෙයකදී ඇග බේරා ගන්නවා.
අසංක මහතාගේ අදහස හරි.
ගෙදර හදන කෑම කෑවා නම් මොකද?
පාර්ලිමේන්තුවේ ඉන්න ගරු, අතිගරු අයට තියන පහසුකම් රස පරීක්ෂාවකට නෑ...
අපේ මිනිස්සු කොච්චර මෝඩද? අවු 30 ක් දුක් විඳලත් තාම තේරිලා නැහැ. මේවා සේරම මහින්දලාගේ වැඩ. ආපහු රට කන්නයි හදන්නේ. කවුරුවත් ඡන්දය දෙන්න එපා.
මේවා කන අයට ගහන්න ඕනෑ. ප්‍රධාන වැරැද්ද ගෙවල්වල උයන්නේ නැතිව අනුන්ගේ... කුණු කන්න යනවා. රූපවාහිනියේ ටෙලි බලන්න... කුණු වුණු කෑම කන අයට හොඳ පාඩම්... තව සතියකින් අපේ කට්ටිය. පෝලිමේ ඉඳියි. කොත්තුයි, රයිසුයි කන්න. ලැජ්ජාවක් නැති කට්ටිය !!!
පැරසිටමෝල් පෙත්තක 2% ක් ඇත්තේ අදාල බෙහෙත. ඉතිරි 98% පේස්ට් එක.ඒ කියන්නේ පැනඩෝල් පෙත්තක් රස පරීක්ෂක ට දුන්නොත් මංඥොක්කා පිටි ගුලියක් කිව්වත් හරි.
අපේ රටේ ඉන්නේ වෛද්‍යවරුන්ට වඩා දන්නා මෝඩ පණ්ඩිතවරු. ඒවා පිළිගන්න තරමට සිංහලයෝ මෝඩයන් වීම වීම ගැන හරිම දුකයි.
අපේ මෝඩ මිනිස්සුන්ට කොහොම කිව්වත් තේරෙන්නේ නැ. යට ඇදුම් වලින් / ටොපි වලින් / කොත්තුවලින් මිනිස්සුන්ගේ ප්‍රජනන හැකියාව අඩු කරන්න බැ. තිරිසන් සතුන්ට වඩා උසස් බුද්ධියක් මිනිස්සුන්ට තියෙනවා කියනවා. නමුත් මේවගේ දේවල් විස්වාස කරන අය ඉන්නකොට තිරිසන් සතුන්ට මේ අයට වඩා මොලේ තියෙනවදෝ කියල හිතෙනවා.
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි...
එයාලා කියනවා අපි අහගෙන පිළිගන්නවා.. අහන අයයි, කියන අයයි ඔක්කොම මෝඩයෝ..
පරාට කන අයට හොඳම දඬුවම.