(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ හයක් සඳහා නව ලේකම්වරු පත් කරනු ලැබ සිටිති.
ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත් පී. විජේවීර මහතා පත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස එම්. අධිකාරී මහත්මිය පත් කරනු ලැබ සිටී.
ඞී. ජී. එම්. වී. හපුආරච්චි මහතා නගර සැලසුම් ජලසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතාත් පත්කරනු ලැබ සිටිති.
විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා ද තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඞී. බී මීගස්මුල්ල මහතා ද පත්කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
COMMENTS
පත් කොරනවා අස් කරනවා මාරු කරනවා මොනව කලත් අපි අවුරුදු 3 එක තැන මය. අනේ රට ඉදිරියට තල්ලුවෙන දෙයක් කරන්න කෝ
මේක මහා විහිළුවක් . පසුගිය කාලේ සමහර අමාත්‍යාංශ සඳහා ලේකම්වරු දෙන්නා තුන්දෙනා බැගින් මාරු කලා. නිතරම ලේකම්වරු මාරු කරලා කොහොමද එම ආයතනවල වැඩ සාර්ථකව කරගෙන් යන්නේ . අපිට පිස්සු නැතිනම් පත්වන ලේකම්ලට පිස්සු නැතිනම් යහපාලන ලොක්කට පිස්සු
පය බරවාට පිටකර බෙහෙත් බදින්නා වාගේ....කියා සද්ධර්ම රත්නාවලියේ ඇත.මේ මාරුවද එසේමයි.
අති විශිෂ්ට තීන්දුවක් ජනපතිතුමනි ,යහපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට ගත් යෝධ පියවරක් .
වනජීවී අමාත්‍යංශයේ අර්බුදයකට ඉවත් කරපු කෙනා, තැපැල් අමාත්‍යංශයට පත් කරලා.
මෙයා කියනවා යහපාලනය අති විශිෂ්ටයි ලු....ලොස්ඇන්ජලී වලට යහපාලනේද?