IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අපේ ජනබල පක්ෂය නඩු මගට

(විනීතා එම් ගමගේ)

අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳව මේ වනවිට පවතින ප්‍රශ්නය විසඳාගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (04) පෙත්සමක් ගොනු කළ බව එහි සභාපති සමන් පෙරේරා මහතා පැවැසීය.

අගෝස්තු හත්වැනිදා සිටි මේ දක්වා මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ කළ බවත් එය කරගැනීමට නොහැකි වූ බැවින් මෙසේ අධිකරණයේ පිහිට පතා සිටි බවත් හෙතෙම කියා සිටියේය.

ලබා දුන් ජනවරම අනුව මන්ත්‍රී ආසනය පිරවීමට මෙතෙක් නොහැකි වීම ගැන තමන් කණගාටු වන බවත් 67,878 දෙනෙකු ගේ බලාපොරොත්තු අහිමි වී ගොස් පක්ෂය අපකීර්තියට පත්ව ඇති බවත් සමන් පෙරේරා මහතා කීය.

සමන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය සද්ධර්මරාජික විහාරයේ අද (04) පැවති මාධ්‍ය හමුවකදීය.

මේ ප්‍රශ්නය නීතිය ඉදිරියේ දී විසඳා ගැනීමට පක්ෂය ඒකමතිකව තිරණය කර සිටි බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හා වේදිනිගම විමලතිස්ස හිමියන් ද, අතුරලියේ රතන හිමියන් ද නීතිපතිවරයා ද වගඋත්තරකරුවන් කරමින් එම පෙත්සම ඉදිරිපත් කළ බවත් සමන් පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි මාස කිහිපය තුළ එම ගැටළුවට විසඳුම් ලබා දේ යැයි විශ්වාස කරන බව කී සභාපතිවරයා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එම මන්ත්‍රී ආසනය ලබා දෙන්නට පක්ෂය ගත් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් නිසා යැයි ද පැවැසීය.

මෙම මන්ත්‍රී අසුන ලබා ගැනීමට උපකාර ඉල්ලා අතුරලියේ රතන හිමියන් වේදිනිගම විමලතිස්ස හිමියන් සමඟ දේශපාලන බලවතුන් හමුවන බව තමන්ට සැලවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මේ වනවිටත් වේදිනිගම හිමියන් සිටින්නේ රතන හිමියන් භාරයේ යැයි තමන් හෙළි කරගෙන ඇතැයි ද මහනුවර අධිකරණයේ ඇති නඩුවක වේදිනිගම හිමියන් චූදිත වී සිටින්නේ යැයි ද පෙරේරා මහතා කීය.

 

 



අදහස් (4)

අපේ ජනබල පක්ෂය නඩු මගට

Prabha Friday, 04 September 2020 02:13 PM

ඉස්සරනම් කවුරුහරි රට කොහෙද ඇහුවම කිව්වේ ශ්‍රී ලංකානු සිංහල බෞද්ධ කියලා... දැන් කියන්නේ ශ්‍රී ලංකා සිංහල කියා විතරයි.. ගිහි අපිට තිබෙන ලැජ්ජාවත් නැද්ද හාමුදුරුවනේ?

:       1086       426

bandaSaturday, 05 September 2020 09:51 AM

අපෙන් කවුරු හරි රට ඇහුවොත් අපි කියන්නේ ශ්‍රී ලංකා කියලා..

:       0       216

dhamneth Friday, 04 September 2020 10:31 PM

අපේ හාමුදුරුවනේ, අර චූලෝදර මහෝදර මැණික් පුටුව බුදුහාමුදුරුවන්ට පූජා කළා වගේ ඔය මන්ත්‍රී ආසනය බුදුන්ට පූජා කරන්න. බුදුහාමුදුරුවෝ ජීවමානව නැතිවට ඔබවහන්සේලාගේ උපදෙස් මත තවමත් බොහෝ දේ බුදුන්වහන්සේට පූජාකරනවා නේද?

:       0       0

Pasil Saturday, 05 September 2020 09:04 AM

හොඳ සංහිඳියාව තමයි..

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 173 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1030 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site