(රංජන් කස්තුරි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාවක් නොපැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මගේ නිවසේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැති බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි.
එහෙත් මගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව නම් සත්‍යයකි.
එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ අතර එදින සහභාගී වී සිටි අනිකුත් මන්ත්‍රීවරුන් සමඟ හුරුපුරුදු ලෙස රටේ පවතින ආර්ථික අර්බුදය හා අනාරක්ෂිත බව ගැන සාමාන්‍ය කතාබහක් ඇති විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව එලවපු අයත් එක්ක ජනතාව අතර සිටිය යුතු අයට මොන මගුල්ද? අන්තිමට වෙන්නේ තමනුත් එලවපු ගොඩට වැටෙන එකයි.
" හිතළු" මුල් කරගෙන අපේ රටේ ප්‍රවෘති නිර්මාණය වෙන හැටි පෙන්වන හොඳම උදාහරණයක්. මේවා ප්‍රචාරය කරන මිනිස්සුත් මෝඩයෝ මේවගේ අමුලික මුසාවාද කරේ තියාගෙන උඩ පනින මිනිස්සුත් මෝඩයෝ. එච්චරයි කියන්න තියෙන්නේ.
මේ වගේ එහාට මෙහාට පනින අයත් එක්ක ගහන සභාග ආණ්ඩු මෝන විහිලුවක්ද? නැවත ඉතින් රටම අරාජික වෙන එකයි වෙන්නේ.
වැටෙන්න දෙයක් නෑ රවීන්. මෙයා වැටිලා ඉවරයි. ආයි නැගිටිනු බොරු.
කට ඇරියොත් ඇත්ත කියන ගල් පැලෙන ඇත්ත කියන මොතුමා ගේ වචන මුළු රටම හිස් මුදුනෙන් දොත්මුදුන් තබා විස්වාස කරමු .
ටොන්පචයා චිත්‍රපටිය මට මතක්වෙනවා...
අත්දැකීම්වලට අනුව සංග්‍රහවලින් පස්සේ අපි පරිස්සම් වෙන්න ඕනේ.
කොහෙද? හඟුරන්කෙත සමෘද්ධි මාලිගාවේද?
මේක හරියට ආප්ප කාලා කෝපි බීපු කතාවක්..
මොනවද කන්න හදලා තිබ්බේ? පුන්නක්කු මැල්ලුම් එහෙම හදල තිබ්බේ නැද්ද? කොන්ඩේ බැඳපු චීන්නුත් ඇවිල්ලා හිටියද...?
කටින් පිටවෙන්න වචන නෙමෙයි. සක්කිලි වැඩ තමයි තියෙන්නේ..
ඔය තිබ්බ රාත්‍රී භෝජන සංග්‍රහය ෂුවර් එකටම මහජන මුදලින්... නැතිනම් මහජන මුදල් තැන්පත් කරලා තියෙන තැනකින් ලැබෙන්න ඇති...
ඒ රාත්‍රී භෝජනයේ උණු ආප්ප තිබුණද? මේ විහිළුකාරයින්ට මොන සාකච්ඡාද?